2025 ජනවාරි මස 20 ප.ව. 08:22 - {{hitsCtrl.values.hits}}
සරුංගලයද, කැටපෝලය ද පිට රටින් ගෙන්වන රටක සුදු සැරයටිය අප රටේම දෘශ්‍යාබාධිතයන් විසින් තැනීම අපූරු සිද්ධියකි. අධ්‍යාපන අමාත්‍යාංශයේ බ්‍රේල් මුද්‍රණාලයේ සේවය කොට විශ්‍රාම ගිය බිසෝ මැණිකේ මාරසිංහ මහත්මිය සුදු සැරයටි තනන්නේ තමන්ගේ නිවසේමය. ඇය ද දෘශ්‍යාබාධිත කාන්තාවකි. සුදු සැරයටි තැනීම ආරම්භ කරන ලද්දේ ඇයගේ සැමියා විසිනි. ඔහු ද දෘශ්‍යාබාධිතය. අද ඔහු මිය ගොසිනි.
එහෙත් බිසෝමැණිකේ මහත්මිය තවමත් සිය නිවසේ සුදු සැරයටි තනයි. අද ඇයට උදවු කරන්නේ ඇයගේ දෙනෙත් පෙනෙන තරැණ දියණිය හා ඇයගේ සැමියාය. අවුරැදු විස්සක් පුරා ඇය ශ්‍රී ලංකාවේ දෘශ්‍යාබාධිතයන්ට සුදු සැරයටි තනන්නේ දෑස් පෙනෙන්නන්ට මානව ශක්තිය පිළිබඳ අලුත් කතාන්දරයක් කියා දෙමිනි.
සුදු සැරයටියක් තැනීමේ නිෂ්පාදන කාර්යට පියවර දහතුනක් පමණ ඇතුළත්ය. ඒ සියල්ල නිසි පිළිවෙළට නිම කිරීමෙන් අවසානයේ නමා ඇකිළිය හැකි සුදු සැරයටියක් නිර්මාණය කර ගත හැකිය. සාමාන්‍යයෙන් අඟල් 45, 48, 50 වැනි දිගින් සුදු සැරයටි සාදනු ලැබේ. ඒවා කෑලි 4, 5, 6 ආදී වශයෙන් නැවිය හැකි සේ නිෂ්පාදනය කරනු ලැබේ.
අඟල් භාගේ ඇලුමීනියම් බට අඟල් 10 පමණ කැබලිවලට කපා ගැනීම. |
එක් කැබැල්ලක් අනෙක් කැබැල්ලට බැස්සිය හැකි වන සේ කට්ටය කපා ගැනීම. මෙය ලේත් මැෂින් එකක් මගින් කරනු ලබන්නේ දෑස් පෙනෙන කෙනෙකි. |
කට්ටය කැපූ කැබලිවල දෙපැත්ත සුමට කිරීම. මෙය විදුලියෙන් කරකැවෙන මට්ටම් ගලක ඇලුමීනියම් කැබැල්ල සියුම් ලෙස ඇල්ලීමෙන් කරනු ලබන්නකි. මෙය කරනුයේ දෑස් නොපෙනෙන කෙනෙකි. |
කැබැල්ලෙන් කැබැල්ල ඇතුළට බැස්සීම සඳහා සුමට කිරීම: මෙය කරනුයේ විදුලියෙන් කරකැවෙන ලෝහ උලක බටය තෙරපීමෙනි. මෙය කරනුයේ දෑස් නොපෙනෙන කෙනෙකි. |
භූමිතෙල් හා ජලය යොදා ගෙන ඇලුමීනියම් කැබලි සේදීම හා පිරිසුදු කිරීම: මෙය කරනුයේ දෑස් නොපෙනෙන කෙනෙකි. |
ඉලාස්ටික් කපා ගැනීම: සුදු සැරයටියේ බට ඇතුළට දැමීම සඳහා ඉලාස්ටික් පටියක් යොදනු ලැබේ. අප දුටු අවස්ථාවේ මෙම කාර්යය කරන ලද්දේ දෑස් පෙනෙන කෙනෙකි. |
බට එකිනෙක සවි කිරීම: මෙය කරනු ලබන්නේ එක් එක් බට කැබැල්ල එකින් එක ගොනු කිරීමෙනි. එය දෑස් නොපෙනෙන අයෙකු කරනු ලබයි. |
ඉලාස්ටික් යෙදීම: එක් එක් ඇලුමීනියම් කැබැල්ල ඇතුළට යන සේ සම්පූර්ණ දිගට ඉලාස්ටික් පටිය යොදා ගැට ගැසිය යුතුය. මෙය කරනු ලබන්නේ දෑස් නොපෙනෙන විශ්‍රාම ලත් ගුරැවරයෙකි. |
මාලය යෙදීම: සුදු සැරයටියේ එක් කෙළවරක කොටසේ මාලය සවි කරනු ලැබේ. මෙය කරනුයේ දෑස් පෙනෙන කෙනෙකු විසිනි. |
සැරයටියේ දෙකෙළවරට ප්ලාස්ටික් කොටසක් සවි කිරීම: මෙය සවි කරනු ලබන්නේද දෑස් නොපෙනෙන කෙනෙකි. |
සුදු සැරයටිය ඇසුරැම් කිරීම: සාදා නිම කරන ලද සුදු සැරයටිය අකුළා ප්ලාස්ටික් ඇසුරැමක අසුරා එය සීල් කරනු ලැබේ. මෙම කාර්යය කරනුයේ දෑස් පෙනෙන කෙනෙකි. |
සුදු සැරයටිය තැනීමේ කතාන්දරය දෑස් පෙනෙන අය තුළ මහත් සංවේදී බවක් ඇති කරයි.
කඩවත, ඉඹුල්ගොඩ, අමුණුගොඩ, 43/1 හි බිසෝමැණිකේ මාරසිංහ මහත්මියට විජය ස්තුතිය. ඔබ දන්නා කෙනෙකුට සුදු සැරයටියක් පරිත්‍යාග කරන්නට කැමති නම් 071 6163161 දුරකථනයෙන් බිසෝමැණිකේ මහත්මිය අමතන්න.
දෑස් නොපෙනෙ අය සඳහා ඔබට විජය බ්‍රේල් පුවත්පත හරහා ද උදව් කළ හැකිය. බ්‍රේල් පුවත්පත අන්ද ජන ප්‍රජාව වෙත නොමිලයේ විජය පුවත්පත් සමාගම විසින් නිකුත් කරනු ලබන පුවත්පතකි. ඒ හරහා ඔබට යම් උපකාරය කර ඔවුන්ගේ දැනුමට අත්වැලක් වන්නට ඔබට හැකිය. ඒ සඳහා ඔබට
indikas@wijeya.lk වෙත ලිපියක් යොමු කරන්න.
විශ්‍රාමික ගුරු සිරිල් ඒකනායක මහතා සහ බිසෝ මැණිකේ මාරසිංහ මහත්මිය |
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |