විලියම් ජේම්ස් ජෙෆ්රි බීලින්

2025 මාර්තු මස 29 පෙ.ව. 03:24 - {{hitsCtrl.values.hits}}  

පසුගිය කලාපයෙන් 43 කණ්ඩායමේ සුප්‍රකට ශිල්පියෙකු වූ හැරී පීරිස් මහතා පිළිබඳව අපි ඔබව දැනුම්වත් කළෙමු. මේ සතියෙන් ගෙන එන්නේ එම කණ්ඩායමේම තවත් ශිල්පියෙකු වූ විලියම් ජේම්ස් ජෙෆ්රි බීලීන් ශිල්පියා හා එතුමන්ගේ කලා කෘති පිළිබඳවයි.
කලාවට පිවිසීම
විලියම් ජේම්ස් ජෙෆ්රි බීලින් වර්ෂ 1907 සැප්තැම්බර් 21 වන දින ගම්පොලදී උපත ලැබීය. ඔහුගේ පියා ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙකු වූ ඩබ්ලිව්. ඩබ්ලිව්. බීලිං මහතාය. පියාගේ අඩිපාරේ යමින් කුඩා බීලින් අවුරැදු 19 දී වාස්තුවිද්‍යාව පිළිබඳ අධ්‍යයනය කිරීමට ඉන්දියා බලා පිටත් විය. ඒ සමගම සර්. ජේ. ජේ චිත්‍ර කලා පාසලෙන් සිතුවම් කලාව ඉගෙනීමටද තරැණ බීලිංට අවස්ථාව උදා විය. පියාගේ හදිසි මරණය නිසා නැවත ලංකාවට පැමිණි බීලිං පෞද්ගලික චිත්‍ර කලා ගුරැවරයෙකු ලෙස හැව්ලොක් ටවුන්හී චිත්‍ර කලා පාසලක් ආරම්භ කළේය.
ගෞරව සම්මාන 
චිත්‍ර කලාවට දැක්වූ දක්ෂතාවය නිසා මේ කලා ශිල්පියාට ලංකා කලා සංගමයෙන් ත්‍යාග ගණනාවක් පිරිනැමිණ. ජෝජ් කීට් කලා කරැවාගේ සමීප ඇසුර නිසා යුරෝපීය චිත්‍ර කලා දැනුමද ලබා ගත්තේය. එවක රජයේ ප්‍රධාන චිත්‍ර කලා පරීක්ෂක සී. එෆ්. වින්සර් මහතා  විශ්‍රාම යාමෙන් පසු රජයේ ප්‍රධාන චිත්‍ර කලා පරීක්ෂක ලෙස ජෙෆ්රි බීලිං මහතා පත් විය.1945 දී ජෙෆ්රි බීලිං මහතා රජයේ චිත්‍ර කලා ආයතනයේ උපදේශකයෙකු වශයෙන් තේරී පත් විය.
ශිල්පීය ලක්ෂණ
මෙතුමා සිතුවම් කරණයෙහිලා යොදා ගත් ප්‍රධාන මාධ්‍යවූයේ තෙල් සායම්ය. මෙම කලාකරැවා සිතුවම් වළ ඝනකවාදී, අධිතාත්විකවාදී හා උපස්ථිතිකවාදී කලා ලක්ෂණ ගැබ්ව ඇති බව විචාරකයින්ගේ මතයයි. 
සිතුවම්


ධීවර කාන්තාවන්
අයිස් ක්‍රීම් කරත්තය
නිශ්චල ද්‍රව්‍ය
නිල් ජනෙල් රෙද්ද 
වැටහිරියා
ලයනල් වෙන්ඩ්ට් මහතාගේ ආලේඛ්‍ය චිත්‍රය

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...