හැරී පීරිස්

2025 මාර්තු මස 29 පෙ.ව. 03:17 - {{hitsCtrl.values.hits}}  

43 කණ්ඩායම ශ්‍රී ලාංකේය චිත්‍ර කලා ඉතිහාසයේ තවත් එක් සංධිස්ථානයකි.  1943 ට පෙර ලංකේය කලා ඉතිහාසයේ පැවති ගමන් මාර්ගයේ විප්ලවීය වෙනසක් සිදු කිරීමට මෙම 43 කණ්ඩායම් සමත් විය. යටත් විජිත සමාජයක් පැවති අවධියක මෙවන් කලා ආරක බිහි වීම බොහෝ කලා විචාරකයින්ගේ සම්මානයට පාත්‍ර විය. මේ ඒ 43 කණ්ඩායමේ සුවිශේෂී ශිල්පියෙකුවූ හැරී පීරිස් සිත්තරා පිළිබඳවයි.
කලා අධ්‍යාපනය අරඹයි
43 කණ්ඩායමේ ශිල්පීන් අතරින් හැරී පීරිස් කැපී පෙනෙන ශිල්පියෙකි. එතුමා මුදලිඳු ඒ. සී. ජී. එස්. අමරසේකරයන් යටතේ චිත්‍ර කලාව පිළිබඳව මූලික අධ්‍යාපනය ලබා ඇත.ඉන් අනතුරැව බ්‍රිතාන්‍ය රාජකීය පාසලට ඇතුළත්ව ඒ පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය ලැබ ඇත. 1929 දී නැවත ප්‍රංශය බලා ගිය පීරිසුත් එතැන් පටන් අවුරැදු 6ක පමණ කාලයක් ප්‍රංශයේ මහාචාර්ය රොබට් ‍ෆෝක් යටතේ කලාව ප්‍රගුණ කළේය. ඊට අමතරව හෙන්රි මතීස් සහ පොප්ස්කෝ විද්වතුන් යටතේ කලා විචාරය පිළිබඳව හා උපස්ථිතිවාදය පිළිබඳව හදාළේය. 
ශිල්පීය ලක්ෂණ
1935 – 1938 අතර කාලයේ ඉන්දියාවේ ශාන්ති කලා නිකේතනයේ චිත්‍ර කලා ගුරැවරයෙකු ලෙස ඉගැන්වීම් කටයුතු සිදු කර ඇත. පීරිස් මහතා සිතුවම් වර්ණ ගැනිවීම සඳහා බොහෝ විට යොදා ගෙන ඇත්තේ රතු, නිල්, කහ යන වර්ණ මාලාවකි. වර්ණ භාවිතයෙන් චිත්‍රයට අපූරැ ජීවයක් ලබා දීමට ඒ මහතා සමත් වී ඇත. පර්යාවලෝකන ලක්ෂණ කෙරෙහි දැඩි සැලකිල්ලක් දක්වා ඇත. හැරී පීරිස් කලා කරැවා 43 කණ්ඩායමේ සිටි ස්වාභාවිකවාදී චිත්‍ර ශිල්පියෙකි. විවිධ පුද්ගල රෑප සිතුවම් කිරීමේදී ඒ ඒ පුද්ගලයාට ආවේණික පුද්ගල මනෝභාවයන් හා හැඟීම් ප්‍රකාශ කිරීමට එතුමා  උත්සාහ ගෙන ඇත. විද්ධ රෑප නිර්මාණයේදී හෙන්රි මතීස්ගේ ආභාසය බොහෝ සෙයින් එම නිර්මාණයන්ට ලැබී ඇති බව පීරිස් මහතාගේ නිර්මාණ අධ්‍යයනය කරන විට පැහැදිලි වෙයි. 

හැරී පීරිස්ගේ සිතුවම්

 

හැරී පීරිස්ගේ සිතුවම්
විද්ධ රෑප
ඉන්ද්‍රානි
අයිරාංගනී
සිල්වියා ස්පාර්ක්ස්
ආනෝමා පීරිස්
ග්වීන් සිල්වා නී ද සොයිසා
ජෝන් රෝක්වුඩ් මහත්මිය
මිරියම් මහත්මිය
ශියානා වීරරත්න
ග්‍රේස්
නෝරා ක්ලාක් මහත්මිය
ජෝන් ඩී මෙල්
ඩල්සී
සොනියා
අත්තියා හබීබුල්ලා
ස්ටෙපනි හෙස්ටර් පීරිස්
භූමි දර්ශන 
බුලර්ස් මාවත
බෙංගාලි භූ දර්ශන 
කොළඹ මාවත
ඉන්දියානු භූ දර්ශනයක්
ශාන්ති නිකේතනයේ ජෛන භවන
ප්‍රංශයේ කුඩා ගෙය

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...