2024 දෙසැම්බර් මස 21 ප.ව. 08:09 - {{hitsCtrl.values.hits}}
නාගරික ලෝකයේ, කාර්යබහුල මාර්ග පද්ධති ඔස්සේ සතුන්ට ගමන්කළ හැකි ආකාරයේ සත්ව පාලම් රැසක් නිර්මාණය කිරීමට ලොව පුරා රටවල් කටයුතු කරමින් සිටී. වනාන්තර, තැනිතලා, කඳුකර පෙදෙස් අතරින් දිව යන මාර්ග පද්ධති හේතුවෙන්, මාර්ගය මතට පැමිණෙන වනසත්තු රථවල හැපී තුවාලවීම, මියයාම සිදුවේ.
මේ සත්ව පාලම් මගින් ආරක්ෂිතව මාර්ගය හරහා ඔවුන්ට යා හැකිය.සත්ව පාලම් නිර්මාණය පිළිබඳ අදහස යුරෝපයේ පහළ වෙමින් පැවතියේ අද ඊයේක නොව, 1950 වසරේ පමණ සිටය. ලොව පළමු සත්ව පාලම ඉදිකරන ලද්දේ එම වසරේදී ප්‍රංශයෙහිය. වසර 30කට පමණ පෙර සිට කැනඩාව සහ ඇමරිකාව ඒ සම්බන්ධයෙන් උනන්දු වෙමින් කටයුතු කරමින් සිටියේය.මේවනවිට ඕස්ට්‍රේලියාව, යුරෝපය, ජපානය, අප්‍රිකාව, නෙදර්ලන්තය, ස්විට්සර්ලන්තය, ජර්මනිය, නවසීලන්තය, සිංගප්පූරුව, කෙන්යාව, බ්‍රසීලය, ෆින්ලන්තය, ඔස්ට්‍රියාව, බෙල්ජියම වැනි රටවල සත්ව පාලම් නිර්මාණය කර තිබේ.
ස්වීඩනයේ අධිවේගී මාර්ග අප්‍රේල් මාසය වනවිට කාර්යබහුල වන්නට ගනී. පිනිමුවෝ 100බැගින් කුඩා කණ්ඩායම් ගැසී බටහිර කඳුකරය වෙත අධිවේගී මාර්ගය ඔස්සේ මාර්ගය අනෙක් පසට ඇවිද යති. මාර්ග කෙතරම් වාහනවලින් පිරී යන්නේද යත්, බලධාරීන් නොපැමිණියේ නම්, පිනිමුවන් බේරාගැනීමට රථ එහා මෙහා ධාවනය කිරීමේදී, රියදුරන් අනතුරුවලට මුහුණ දෙන අතර දීර්ඝ රථ වාහන තදබද ද ඇතිවේ.
ස්වීඩනයේ වෙසෙන පිනිමුවෝ 250,000ක් පමණ වනාන්තරවල ලැව්ගිනිවලින් ද, වැස්සෙන් ද, හිම තට්ටු මත ඇවිදිමින් සීතලෙන් ද හෙම්බත්ව සිටිති. එබැවින් අසීරු කාලගුණික තත්වවලදී, එම බිම් කොටස පසුකර ආහාර සහ ජෛව විවිධත්ව සහිත පහසු භූගෝලීය පෙදෙස් වෙත සංචරණ සඳහා මේ සත්ව පාලම් පිනිමුවන්ට අමතර පහසුවක් වෙයි.
මේවනවිටත් විවිධ රටවල් සත්ව පාලම් ඉදිකර ඇත. ඒ අනුව, මෙක්සිකෝවේ ජගුවර් සතුන්ට ද, ඇමසන් වනන්තරය ආශ්‍රිතව ඇති පෙරුවියන් කලාපයේ ඉත්තෑවන්, වඳුරන්, කිංකාජු නම් (මුගටියන් වැනි) සත්වයන් ද, ක්‍රිස්මස් දූපතේ රතු කකුළුවන් මිලියන ගණනක් ද මේ පාලම් මතින් මාර්ගයේ එක් පසෙක සිට අනෙක් පසට ගමන් කරන බව ඡායාරූපවල දැක්වේ.
දකුණු කැලිෆෝනියාවේ සැන්ටා මොනිකා කඳුවල වෙසෙන කඳුකර සිංහයන්ගේ ගහනය අඩුවෙමින් ඇති බැවින්, ඔවුන්ගේ උපත් වර්ධනයට ඉඩසලස්වමින් ඔවුන් සුරක්ෂිත කිරීම සඳහා ද එරට බලධාරීන් මේ වනවිට ලොස්ඇන්ජලීස් නුවර අධිවේගී මාර්ගයට ඉහළින් සත්ව පාලමක් ඉදිකිරීමට සැලසුම් කර ඇත. එය ලෝකයේ විශාලතම සත්ව පාලම වනු ඇත. මේ වනවිට බ්‍රිතාන්‍යය පුරා සත්ව පාලම් ඉදිකිරීම් වේගවත් කර ඇත.
මාර්ගවල වාහනවලට හසුවී සෑම වසරකදී ම මියයන බිලියනක තරම් සතුන්ගේ ජීවිත සත්ව පාලම් හේතුවෙන් ආරක්ෂා වන බව වනජීවී නිලධාරීහු පෙන්වාදෙති. මේ සත්ව පාලම් දෙවනි වනාන්තරයක් ලෙසද, හරිත පාලම් ලෙසින් ද ඇතැම්හු සලකති.
සත්ව පාලම් නිර්මාණය පිළිබඳ අදහස යුරෝපයේ පහළ වෙමින් පැවතියේ අද ඊයේක නොව, 1950 වසරේ පමණ සිටය. ලොව පළමු සත්ව පාලම ඉදිකරන ලද්දේ එම වසරේදී ප්‍රංශයෙහිය. වසර 30කට පමණ පෙර සිට කැනඩාව සහ ඇමරිකාව ඒ සම්බන්ධයෙන් උනන්දු වෙමින් කටයුතු කරමින් සිටියේය.මේවනවිට ඕස්ට්‍රේලියාව, යුරෝපය, ජපානය, අප්‍රිකාව, නෙදර්ලන්තය, ස්විට්සර්ලන්තය, ජර්මනිය, නවසීලන්තය, සිංගප්පූරුව, කෙන්යාව, බ්‍රසීලය, ෆින්ලන්තය, ඔස්ට්‍රියාව, බෙල්ජියම වැනි රටවල සත්ව පාලම් නිර්මාණය කර තිබේ.
ඩිල්ශානි චතුරිකා දාබරේ
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |