Top
+94 77 372 7288

වටිටාරම පුදබිමේ සිප් නැණ බෙදන තක්සලාව

2025 අප්‍රේල් මස 07 ප.ව. 07:05 Views - {{hitsCtrl.values.hits}} comment - 0    

මොරොන්තොට  එන්. ආරච්චි             

ඓතිහාසික වට්ටාරාම පුදබිමෙහි දේවාලේගම,බමුණුගම මලියදේව කනිෂ්ඨ විද්‍යාලයේ

ජීවාන,කුඹුක්ගම,උරුලෑදෙණිය,කන්දේගෙදර,වලගම,නවගමුව,පුස්සැල්ල,දේවාලේගම,වලගම,පල්ලේවල ආදී ගම්මානවල සිසු සිසුවියෝ නව සියදෙනෙකු පමණ අද වන විට සිප් සතර හදාරති.

ආරම්භය

කෑගල්ල අධ්‍යාපන කලාපයේ ගලිගමුව අධ්‍යාපන කොට්ඨාසයට අයත් මෙම පාසලේ වර්ෂ 1927 ඔක්තෝබර් මස  27 වන දින  පරම විඥ්ඥානාර්ථ බෞද්ධ සමාගමේ ලියාපදිංචිව මලියදේව බාලිකා පාසල නමින් ශිෂ්‍යාවන් අට දෙනෙකුගෙන් හා එක් ගුරුවරයෙකු යටතේ ආරම්භ කෙරුණි. වරිච්චි බිත්තිවලින් සමන්විත පොල් අතු සෙවිලි කළ මඩුවක ඒ හැමදෙන සිප් සතර හැදෑරූහ. එවකට මෙම  පාසලේ  මුල්ගුරුවරිය වූයේ එන්. ඩබ්ලිව්. වීරසිංහ මහත්මියයි.ඉන් අනතුරුව විවිධ මුල් ගුරුවරු යටතේ පාසලේ සංවර්ධන කටයුතු සිදු කර ඇත.වර්ෂ 1962 අප්‍රේල් 01 වැනි දින මෙම පාසල රජයට පවරා ගැනුණි. එවකට  මුල්ගුරුවරිය ලෙස කටයුතු කළේ එච්. ඒ. දානවතී මහත්මියයි. මෙම විදුහලේ විදුහල්පතිවරියන් වශයෙන් කටයුතු කළ එස්. ඒ. පී. තෙන්නකෝන්,එම්. ඒ. එස්. පී. ගුණරත්න,ඩබ්ලිව් පී. සෙනවිරත්න යන මහත්මීහු පාසලේ උන්නතිය සදහා මහත් මෙහෙවරක් කර ඇත.

වර්ෂ 2000 දී ජපන් අන්තර් ජාතික සහයෝගිතා සංවිධානයේ ප්‍රදානයක් වශයෙන් විද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකෙරුණි. වර්ෂ 2016 හා 2023 අතර කාලයේ පාසලේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ එම්. ජී. එස්. පී. විජේසිරි මහතා පාසලේ උන්තිය වෙනුවෙන් මහඟු සේවයක් ඉටු කළේය. විද්‍යාලයේ සාමාන්‍ය පෙළ හා 5 ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල ඉහළ මට්ටමකට ගෙන ඒමට කටයුතු යෙදුණි.

Most Populer