Top
+94 77 372 7288

කොළඹ ජනතාවගේ සෙවනැල්ල 07දා දහවල් 12.12ට අතුරුදන් වෙයි

2025 අප්‍රේල් මස 07 ප.ව. 11:37 Views - {{hitsCtrl.values.hits}} comment - 0    

කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වල වාසය කරන ජනතාවගේ සෙවනැල්ල එළඹෙන 04/07 දින දහවල් 12.12 ට  මොහොතකට අතුරුදහන් වී යන බව තාරකා විද්‍යාඥ අනුර සී.පෙරේරා මහතා පැවසීය .

සූර්යයා සෑම වසරකම දෙවරක් අප රටට ඉහළින් මුදුන් වන බවත් , ඒ අනුව කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශයේ ජනතාවට මෙම අත්දැකීම එළඹෙන 04/07 දින දහවල් ලබා ගත හැකි බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය .

මෙසේ ශ්‍රී ලංකාවට ඉහලින් සූර්යයා මුදුන් වීම 04/04 දින දෙවුන්දර තුඩුවෙන් ආරම්භ වන අතර , පුරා දින 10 ක පමණ කාළයක් , සූර්යයා එසේ ශ්‍රී ලංකාවට ඉහලින් විවිධ ප්‍රදේශ වලට දහවල් කාළයේ මුදුන් වන බවත් , එළඹෙන 04/15 දින එය පේදුරුතුඩුව ප්‍රදේශයේ දී සිදු වන බවත් , ඉන්පසුව එම මුදුන් වීම ශ්‍රී ලංකාවෙන් බැහැරට යන බවත් අනුර සී.පෙරේරා මහතා පැවසීය .

මෙම අවස්ථාව නිරීක්ෂණය කිරීම සදහා 04/07 දින දහවල් 11.30 සිට කොළඹ නගර සභා භූමියේ විශේෂ කදවුරක් පවත්වන අතර එම ස්ථානයට පැමිණීමට අපහසු ජනතාව තම නිවෙස ඉදිරිපිට පැහැදිලි අහසක් දර්ශනය වන ස්ථානයක ලී මිටක් , යකඩ කූරක් හෝ බෝතලයක් තබා එම අවස්ථාව නිරීක්ෂනය කළ හැකි බවද අනුර සී.පෙරේරා මහතා සදහන් කළේය .

මෙම කාළය තුළ ශ්‍රී ලංකාවට අධික සූර්යය ශක්තියක් ලැබීමට නියමිත අතර , රට පුරා දැඩි උණුසුම් කාළගුණික තත්වයක් ඇති විය හැකි බවත් , එය සමනය කිරීම සදහා වැසි වාර කීපයක් ද ඇති විය හැකි බවත් තාරකා විද්‍යාඥ අනුර සී.පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය .

Most Populer