Top
+94 77 372 7288

මොනරාගල රාජකීය ජාතික පාසලේ ලේ දන්දීමේ කඳවුර

2025 අප්‍රේල් මස 07 ප.ව. 11:25 Views - {{hitsCtrl.values.hits}} comment - 0    

මොනරාගල රාජකීය ජාතික පාසලට වසර පනස්හයක් පිරීම නිමිත්තෙන් සංවිධානයකළ ලේ දන්දීමේ පිංකමක් (17) වෙනිදා රාජකීය ජාතික පාසල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

එම මෙම ලේ දන්දීමේ කඳවුර විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානයකර තිබූ අතර දෙමව්පියන්,ආදි ශිෂ්‍යයන් ඇතුළු ප්‍රදේශවාසීහු රැසක් ලේ පරිත්‍යාගකිරීමට පැමිණ සිටියහ.

මෙහිදී ලේ පරිත්‍යාගශීලීන්ට විවිධ වර්ග වලට අයත් පැළ බෙදාදීමක්ද සිදුකෙරිණි.

මොනරාගල සුමනසිරි ගුණතිලක 

Most Populer