මහනුවර උසස් බාලිකා විදුහලේ ගුරු දින සැමරුම පේර පැළ බෙදා දීමක්

2025 ජනවාරි මස 02 ප.ව. 05:20 - {{hitsCtrl.values.hits}}  

ඔක්තෝබර් මාසයට යෙදෙන ලෝක ගුරු දිනය නිමිත්තෙන් විදුහලේ ජ්‍යේෂ්ඨ ශිෂ්‍ය නිලකමිටුව සංවිධානය  කර තිබූ, එහෙත් කොරෝනා වසංගත තත්ත්වය නිසා අවලංගු කරන ලද, ගුරු දින වැඩ සටහන සෞඛ්‍ය ප්‍රමිතීන්ට අනුගත ව ශිෂ්‍ය ප්‍රජාවේ සහභාගිත්වයෙන් තොර ව, පසු ගිය දා විදුහල් ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණි.

            මෙහි සුවිශේෂි අවස්ථාවක් වූයේ ශිෂ්‍ය නායක මණ්ඩලය විසින් විදුහල්පතිතුමිය ඇතුළු සමස්ත ආචාර්ය මණ්ඩලය වෙත පේර පැළය බැගින් තිළිණ කරමින් පිළිගනු ලැබීමයි. ජීව ශාඛය හෙට අතු ඉති විහිද ඵල දරන්නා සේ නිපුණතා සපිරි දරු පිරිසක්  සමාජ ගත කරන්නට ගුරු ඇසුර මහත් ඵලදායක වන බව සංකේතවත් කරමින් දරුවන් ලබා දුන් තිළිණය ඉතා ඉහළින් ම විදුහල්පතිනි එම්. අබේගුණසේකර මහත්මිය අගය කළා ය. ප්‍රධාන ශිෂ්‍ය නායිකා හිරුදිනී දසනායක ශිෂ්‍යාව විදුහල්පතිනිය වෙත එම තිළිණය පිරිනැමූ අවස්ථාව හා විශේෂ අවස්ථා කිහිපයක් මෙහි දැක්වේ.(

ඇන්ටන් විජේරත්න විසිනි )

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...