සීනිමොටයි වැනි ‘හිමකෙස්’ අයර්ලන්තයට පතිත වෙයි

2024 ඔක්තෝබර් මස 16 ප.ව. 07:45 - {{hitsCtrl.values.hits}}  

උතුරු අයර්ලන්තයේ ෆර්මැනග් සහ ටයිරෝන් යන පෙදෙස්වලට සුදු පැහැ සීනි මොටයි ස්වභාවය ගත් හිම පතිත වී තිබේ. මේවා සාමාන්‍ය ස්වරූපයෙන් කෙස් වැනිය.‘හිම කෙස්’ යනුවෙන් මේ හිම නම්කර තිබේ.

ගස්වල අතු මත වැටුණු මේ හිම සමීපයට ගොස් බැලූ විට දහස් ගණන් තනි තනි සුදු පැහැ හිසකේ සමූයක් ලෙසින් පෙනෙන්නට ගනී.මිනිස් අතකින් ස්පර්ශ කළ සැණින් හෝ හිරු රැස් පතිත වූ සැණින් මේ හිම දිය වී යයි.

සීත සෘතුවේ රාත්‍රීන්වල පරිසරයේ උෂ්ණත්වය බින්දුව වනවිට හිම ස්පටික පැරණි දැවකඳන් මතට වැටෙන්නට ගනී.

විද්‍යාඥයන් සඳහන් කරන්නේ, එසේ වැටෙන හිම, හිසකෙස් බවට සිහින් වන්නේ දිලීරයක් හේතුවෙන් බවය.

(බීබීසී ඇසුරිනි)

ඩිල්ෂානි චතුරිකා දාබරේ

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...