අභ්‍යවකාශ නැවතුම්පළේ සිට ලන්ඩන් නුවර ඡායාරූපගත කරයි

2024 ඔක්තෝබර් මස 16 ප.ව. 07:49 - {{hitsCtrl.values.hits}}  

අභ්‍යවකාශ නැවතුම්පොළේ රැඳී සිටින, නාසා ආයතනයේ ගගනගාමිනියක වන ජෙසිකා මියර් අභ්‍යවකාශයට ලන්ඩන් නගරට දිස්වන ආකාරය දැක්වෙන ඡායාරූපයක් නිකුත් කර තිබේ. එය ඇගේ ට්විටර් ගිණුමෙහි දක්වා තිබුණි.

මියර් ඇය සතු ඡායාරූප ශිල්පීය නිපුණතාද යොදාගනිමින් ලන්ඩනය රාත්‍රියට දර්ශනය වන ආකාරය ඡායාරූපයට ගෙන ඇත. 'දීප්තිමත් විදුලි එළි දැක්වෙන සුන්දර ලන්ඩන් නුවර! ' යැයිද ඇය ඡායාරූපය සමඟ සටහනක් දක්වමින් පවසා තිබේ.

ලන්ඩන් නුවර -Credit: Astro_Jessica/Twitter / NASA

ලන්ඩන් නුවර පිහිටි තේම්ස් නදියද, මාර්ග පද්ධතියද, ගොඩනැගිලිද මෙම ඡායාරූපයේ සටහන්වලින් හඳුනාගත හැකිය. බොහෝ ගගනගාමීහු ඔවුනු සාමාන්‍යයෙන් අභ්‍යවකාශ නැවතුම්පළෙහිදී කරන කටයුතු පිළිබඳව සමාජ මාධ්‍යයෙහි පළකරති. මියර් ඇගේ  ගගනගාමී සඟයා වන ක්‍රිස්ටිනා කොක් මහත්මිය සමඟ එක්වී මෑතකදී පළමු වරට අභ්‍යවකාශ නැවතුම්පළෙන් පිටතට ගොස්, එහි ගමන් කරමින් බැටරියක් ස්ථානගත කළාය. එය පළමු ගගන සක්මන ලෙසින් ඉතිහාසයට එක්විය.

( ඇසුරිනි)

ඩිල්ෂානි චතුරිකා දාබරේ

මියර් සහ ක්‍රිස්ටිනා. - Credit: EPA

 

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...