ඉල්පුර පසළොස්වක පොහොය පොහෝය අදයි ! සුපිරි සඳත් බැබලේ

2024 ඔක්තෝබර් මස 16 ප.ව. 05:52 - {{hitsCtrl.values.hits}}  

කරුණු කීපයක් අතින් ඉල් පෝය අපට වැදගත්කමක් උසුලයි. සිද්ධීන්ගෙන් බහුල ඉල් මාසය බෞද්ධ ජනයාට කිහිප අතකින් වැදගත් වේ. වෙසක් පොහෝ දින, පොසොන් පෝ දින, හා ඇසළ පොහෝ දින, බෞද්ධ ජනතාවට කෙතරම් වැදගත්කමක් දරයි ද, ඒ හා සමාන වැදගත්කමක් ඉල් පොහොය දිනට ද ලැබී ඇත.

බුදු සමයට අදාළ සිදුවීම් රාශියකට මෙම ඉල් පොහොය දිනය සම්බන්ධවීම නිසා එය බෞද්ධ ඉතිහාසයෙහි බලවත් තැනෙක්හි ලා සැලකිය හැකි ය. එම සිදුවීම් මෙසේය.

1. මෛත්‍රී බෝධිසත්ත්වයන් වහන්සේ විවරණ ලැබීම
2. ප්‍රථම ධර්ම දූත මෙහෙවර ජටිල දමනය
4. අගසව් සැරියුත් තෙරණුවෝ  පිරිනිවන් පෑම
5. කඨින චීවරය පූජා කළ හැකි  අවසන් දිනය වීම ආදියයි.

---------------------------------------------------------------------------------------------------------------------------------

photo credit : Live Science , Reuters & Gayathri Dissanayake

3A56FC0C00000578-0-image-a-14_1479119109301 3A57389500000578-0-image-a-28_1479119254090

15033738_357611724584934_652690092_n

“සුපිරි සඳ“ අද රෑ

අවුරුදු 68කට පසු දැකිය හැකි විශාලම සහ දීප්තිමත්ම චන්ද්‍රයා සඳුදා (14) රාත්‍රී අහසේ දැකිය හැකි බව නාසා ආයතනය පවසයි. මෙය “සුපිරි සඳ“ ලෙස හඳුන්වයි. විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා ග්‍රාහලෝකාගාරය පවසන්නේ 2016 නොවැම්බර් 14 වන දින  ඉල් පුර පසළොස්වක පොහොය දින පෘථිවි වාසීන්ට සුපිරි හඳක් (Super Moon) දර්ශනයට අවස්ථාවක් උදාවන බවයි

වසර 68 කට පසු පෘථිවි වාසීන්ට උදාවන මෙහිදී චන්ද්‍රයා  14%  ක ප්‍රමාණයකින් විශාලව දිස්වන අතර 30% ක ප්‍රමාණයකින් දීප්තිය වැඩිවී දැකගත හැකිය. මින් පෙර  මෙවැනි අවස්ථාවක් සිදුවී ඇත්තේ 1948 වසරේදීය. නැවතත් මෙවැනි සුපිරි සඳක් පෘථිවි වාසීන්ට දැකගත හැකි වන්නේ 2034 නොවැම්බර් මස 25 දින බව ද ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය පවසයි. 

අවුරුදු 68කට පසු දැකිය හැකි විශාලම සහ දීප්තිමත්ම චන්ද්‍රයා සඳුදා  රාත්‍රී අහසේ දැකිය හැකි බව පවසන   නාසා ආයතනය මෙය “සුපිරි සඳ“ ලෙස හඳුන්වයි. මෙවැනි දිනයක පායන හඳ සාමාන්‍ය පසලොස්වක දිනයක හඳට වඩා සියයට 14ක විශාලත්වයකින් සහ සියයට 30ක දීප්තියකින් වැඩි බව ඔවුන් පෙන්වා දෙති. 

 නාසා ආයතනය පවසන පරිදි චන්ද්‍රයා පෘථිවියට වෙනදාට වඩා ආසන්නයෙන් ගමන් කරන බවයි. අවුරුද්දකදී අවස්ථා කිහිපයක් චන්ද්‍රයා පෘථිවියට ලඟින් ගමන් කරන අතර හෙට දිනයේ විශේෂ අවස්ථාවක් බවත් මෙවැනි අවස්ථාවක් මීට පෙර උදාවී ඇත්තේ 1948 වර්ෂයේදීය. මෙම සංසිද්ධිය පියවි ඇසින් දැකිය හැකි අතර රාත‍්‍රී 7.30 ට පමණ හොඳින් නිරීක්ෂණය කළ හැකිය.  උදම් රළ ඇති වීමේ දි චන්ද්‍රයාගේ බලපෑමක් ඇති බවත්  ඒ අනුව මෙදින චන්ද්‍රයා පෘතුවියට ආසන්න විම හේතුවෙන් උදම් රළ වැඩි විමේ අවදානමක් ද ඇතැයි ග‍්‍රහලෝකාගාරය පෙන්වා දෙයි. එමෙන්ම එම අවස්ථාවේ දී සූර්යයා පෘථිවිය හා චන්ද්‍රයා යන ආකාශ වස්තුන් තුනම එකම රේඛාවක පිහිටයි.

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...