දෙයියන්දර ජාතික පාසලේ නව පරිපාලන ඒකකය විවෘත කෙරේ

2024 ඔක්තෝබර් මස 16 ප.ව. 05:49 - {{hitsCtrl.values.hits}}  

මාතර, දෙයියන්දර ජාතික පාසලේ ඉදිකෙරුණු නව පරිපාලන ඒකකය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ලංකාදීප ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ මහත්වරු අතින් විවෘත කෙරිණි. විද්‍යාලය වෙත පැමිණි ජනාධිපති සිසු දරුවන් විසින් පිළිගත් අතර නව පරිපාලන ඒකකය විවෘත කළ ජනාධිපති සහ ආරාධිත අමුත්තන් එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය. මහින්ද අමරවීර, ෆයිසර් මුස්තාෆා යන අමැතිවරුන්ද දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා ඇතුළු පළාත් මැති ඇමතිවරු පිරිසක් ද මේ සඳහා එක්ව සිටියහ. විදුහල්පති ඩබ්ලිව්.ඩබ්ලිව්. අමරසේන මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමවුපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට සහභාගී වූහ.

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...