ධර්මසේන පතිරාජ නිර්මාණාවලෝකනය අදයි

2025 මාර්තු මස 12 පෙ.ව. 09:15 - {{hitsCtrl.values.hits}}  

maxresdefault (1)DR“පතිට පනහයි”  ධර්මසේන පතිරාජ නිර්මාණාවලෝකනය යන මැයෙන් පවත්වනු ලබන මෙම උපහාර උළෙල  අද (26) සවස 07.00 ට අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේ දී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලාංකීය සිනමාවේ ප්‍රගමනයට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ ආචාර්ය ධර්මසේන පතිරාජ මහතාගේ කලා දිවියට වසර 50ක් පිරීම නිමිත්තෙන් උපහාර පිදීමේ උළෙලක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සහ ජාතික  චිත්‍රපට සංස්ථාව එක්ව පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර තිබේ.

ශ්‍රී ලාංකීය සිනමාවේ උත්කර්ෂවත් යුගයක් වූ 70 දශකයේ කැපී පෙනන නිර්මාණ දායකත්වයක් ලබාදුන් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් මෙන්ම මාධ්‍ය අධ්‍යයනය පිළිබඳ ජ්‍යේෂ්ඨ කතිකාචාර්යවරයෙක් වූ ධර්මසේන පතිරාජ මහතා ලංකා විශ්වවිද්‍යාලයේ ගෞරව සම්මාන උපධිධාරියෙක් වන අතර පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය පිළිබඳ පශ්චාද් උපාධිධාරියෙකි. ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ සිනමා අධ්‍යයනය පිළිබඳ ආචාර්ය උපාධිධාරියෙක් වන ඔහු 1968 සිට 1978 දක්වා විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ සහ යාපනය විශ්ව විද්‍යාලයේ සහකාර කථිකාර්යවරයෙක් ලෙස සේවය කර ඇත.

ඉන් අනතුරුව රුහුණු විශ්ව විද්‍යාලය, ශ්‍රී පාලි මණ්ඩපය, කොළඹ විශ්ව විද්‍යාලය යනාදියෙහි ජ්‍යෙෂ්ඨ කථිකාර්යවරයෙක් ලෙස ද සේවය කරන ලදී.
1974 අහස්ගව්ව චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් වෘත්තාන්ත චිත්‍රපටකරණයට අවතීර්ණ වූ ධර්මසේන පතිරාජ මහතා එයා දැන් ලොකු ළමයෙක්, පොන්මනී, බඹරු ඇවිත්, පාරදිගේ, සොල්දාදු උන්නැහෙ, වාසුලී, මතුයම් දවස, ස්වරූප සහ සක්කාරං යන වෘත්තාන්ත චිත්‍රපට අධ්‍යක්ෂණය කරන ලදී.


අදුරෙන් එළියට, වෙරළ, Putting the last first, Shelter for million families, දළ රළ පෙළ, පුනරාවර්තන, මාවතක් සොයනු පිණිස සහ A Road to sampur යන වාර්තා චිත්‍රපට ද කොරා සහ අන්ධයා, පුටු සහ කුරුල්ලෝ යන නාට්‍ය ද නිර්මාණය කරන ලද්දේ ආචාර්ය ධර්මසේන පතිරාජ මහතා විසිනි.

පුංචි තිරයේ ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් ටෙලි නාට්‍ය රැසක් ද ධර්මසේන පතිරාජ මහතා අතින් නිර්මාණය විය. ඒ අතර ගඟුලෙන් එගොඩට, මායා මන්දිර, ඇල්ල ළඟ වලව්ව, වන්නිහාමිලාගේ කතාව, සුදුබණ්ඩලාගේ කතාව, පුර සක්මන, කඩුල්ල, සුබ අනාගතයක්, නන්නාදුනන පුත්තු, දුර්ගාන්තය සහ කම්පිත විල් යන නාට්‍ය ප්‍රමුඛ තැනක් ගනී. 1988 පැවති උන්ඩා අභිනන්දන සම්මාන උළෙලේ දී  ඇල්ල ළඟ වලව්වට හොඳම ටෙලි නාට්‍යයට හිමි සම්මානය හිමි වූ අතර 1991 දී පැවති එම සම්මාන උළෙලේදී කඩුල්ල ටෙලි නාට්‍යයට ප්‍රතිභාත්මක ටෙලි නාට්‍යයට හිමි සම්මානය හිමි විය.

(රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...