නිවර්තන කලාපයේ උසින් වැඩිම ගස හමුවේ

2024 දෙසැම්බර් මස 27 පෙ.ව. 06:11 - {{hitsCtrl.values.hits}}  

3A4E962200000578-0-image-a-2_1478973391766‘බෝනියෝ’ අග්නිදිග ආසියාවේ ඇති විශාල දූපතක්. බෝනියෝ දූපත දේශපාලනික වශයෙන් මැලේසියාව, බෲනෛයි සහ ඉන්දුනීසියාවට අයිති වෙනවා. ඉන්දුනීසියාවට අයත් ජාවා දූපතට උතුරින්, සුමාත‍්‍රා දූපතට නැගෙනහිරින් සහ සුලවේසී දූපතට බටහිරින් මේ බෝනියෝ දූපත පිහිටා තිබෙනවා. දූපතෙන් සියයට 73 ක් අයිති ඉන්දුනීසියාවට. ඒ හින්දා වැඩි අයිතිය තියෙන්නේ ඉන්දුනීසියාවටයි. බෝනියෝ දූපත වැදගත් වෙන්නේ කාරණා දෙකක් හින්දයි. ලොව පැරණිතම වැසි වනාන්තර පිහිටා තියෙන්නේ බෝනියෝ දූපතේ. ඒ වගේමයි, ඒ වනාන්තරවල ජීවත් වෙනවා බෝනියෝ ඔරන් උටන් සහ රයිනෝසිරස්. දැන් තවත් හේතුවක් නිසා බෝනියෝ දූපත ප‍්‍රසිද්ධියට පත්වෙලා. ඒක තමයි ලෝකයේ උසම නිවර්තන කලාපීය ගස පිහිටලා තියෙන්නෙත් මෙම වැසි වනාන්තරයේ.

අඩි 309 ක් උසැති මේ ගස, දැවැන්ත නිල් තල්මසුන් තුනක් පෙළට තැබුවාවටත් වඩා දිගින් යුක්ත වෙනවා යැයි බි‍්‍රතාන්‍යයේ මේල් ඔන්ලයින් පුවත් වෙබ් අඩවිය කියනවා. ලොව උසින් වැඩිම නිවර්තන කලාපීය මෙම ගස ගැන මුලින්ම විද්‍යාඥයන්ට දැනගන්න ලැබුණේ මීට මාස 5 කට කලින්. ඒත් එය ප‍්‍රසිද්ධ වුණේ පසුගිය දිනෙකයි. මීට කලින් ලෝකයේ උසින් වැඩිම නිවර්තන කලාපීය ගස විදියට වාර්තා අතරට එක් වී තිබුණේ මැලේසියාවේ ‘කහ පැහැති ‘මෙරන්ටි’ ගසකි. එහි උස අඩි 294 කි.

ඡායාරූප-Gettyimages

වැඩි විස්තර සඳහා 2016 නොවැම්බර් මස 29 දා විජය පුවත්පත බලන්න

figure_1

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...