බියගම පෙරපාසල් ගුරුවරියන්ට උපහාර සම්මාන

2024 ඔක්තෝබර් මස 16 ප.ව. 05:50 - {{hitsCtrl.values.hits}}  

බියගම පෙර පාසල් ගුරු සංසදය සංවිධානය කළ ගුරු උපාහාර හා ඇගයීම් සම්මාන උළෙල බියගම ප්‍රාදේශිය සභා බහුකාර්ය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. පළාත් සභා හා ප්‍රාදෙශීය සභා මන්ත්‍රීවරුන් හා රාජ්‍ය නිලධාරින් ඇතුළු අධ්‍යාපනඥයින් රැසක් මේ අවස්තාවට සහභාගී වූහ. පෙර පාසල් සංසදයේ සභාපති උපුල් වීරසිංහ, ලේකම් දිස්නා වීත්‍රාංගනී ඇතුළු පෙර පාසල් සංගමය විසින් උළෙල සංවිධානය කර තිබුණි. පෙර පාසල් සඳහා සේවා රැසක් ඉටු කළ ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජයවර්ධන මහතාට උපාහාර සම්මානයක් ද මෙහිදී පිරිනැමිණි. එය පළාත් සභා මන්ත්‍රී ප්‍රසන්න සම්පත් මහතා හා ප්‍රාදේශය සභා අපේක්ෂක ශම්මි ප්‍රියංකර මහත්වරු විසින් ලබා ගන්නා ලදී. හිටපු බියගම ප්‍රාදේශිය සභා සභාපති ආනන්ද ගනේපොල මහතාට ද මෙහිදි ඇයීම් තිළිණ ප්‍රධානය කරන ලදී. බියගම ප්‍රදේශයේ පෙර පාසල් ගුරුවරියන් රැසක් මෙහදී උපහාර සම්මානයෙන් පිදූම් ලැබූහ.

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...