මලාලා ඔක්ස්ෆර්ඩ් සරසවියට

2025 අප්‍රේල් මස 20 ප.ව. 01:51 - {{hitsCtrl.values.hits}}  

දැරියන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටින වීර දැරිය නොබෙල් සම්මාන ලාබභී මලාලා යුසෆ්සායි  සිය අධ්‍යාපන කටයුතු වැඩිදුර හැදෑරීම සඳහා ඔක්ස්ෆර්ඩ් සරසවිය වෙත යාමට තීරණය කර තිබේ. විසි හැවිරිදි ශිෂ්‍යාවක වන ඇය දර්ශනය, දේශපාලනය හැදෑරීමට නොඉවසිල්ලෙන් පසු වන බව ඇය පවසා ඇත. පාකිස්තානයේදී තලේබාන් සටන්කරුවකුගේ වෙඩි පහරකට ලක් වූ මලාලා 2012 දී ලෝකා පුරා ඉමහත් ප්‍රසිද්ධියට පත් වූවාය.වෙඩි පහරින් ඇගේ හිසට බරපතල ලෙස තුවාල විය. 2012 දී තලෙයිබාන් තුවක්කුකරුවකු විසින් එල්ල කරණ ලද ඒ ඇය ළමා අධ්‍යාපනය වෙනුවෙන් හඬ කගමින් සිටිය දී ය. ඇය දැන් බ්‍රිතාන්‍යයේ වාසය කරයි. අනතුරුව බර්මින්හැම් නගරයේදී ප්‍රතිකාර ලබා එහි සිට සිය අධ්‍යාපනය හැදෑරූ මලාලා නොබෙල් සාම ත්‍යාගය දිනූ ලාබාලම තැනැත්තියයි.
(තිලක් ඉන්දික සෙනෙවිරත්න)

 

102077217-450728665 malal -1 Malala-800x445

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...