2024 දෙසැම්බර් මස 22 ප.ව. 04:21 - {{hitsCtrl.values.hits}}
මහනුවර ධර්මරාජ විද්‍යාලයේ සිසු දරැවන්ගේ කලා කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් පවත්වනු ලබන “ධම්රද” කලා මහෝත්සවය 24 වැනි වරටත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය ලියනගේ අමරකිර්ති මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්වුණි.
මෙවර කලා උලෙළේදී කලාකරැවන් රුසකට සම්මාන හිමිවූ අතර කලා කේෂත්රයේ හා ජනමාධ්‍ය කේෂත්රයේ ප්‍රවීණයන් වන අනුලා කරැණාතිලක, ඒරානන්ද හෙට්ටිආරච්චි, වසන්තා තිලකාන්ගනී, කුසල සමරවික්‍රම, සහ අනෝජ කරැණාරත්න යන මහත්ම මහත්මීහු සම්මානයට පාත්‍රවූහ.
එමෙන්ම විද්‍යාලයේ සිසුන් වන ඒ.ටී. රණතුංග (චිත්‍ර අංශය) ඇස්.ඇම්.සී.බී. සමරකෝන්(සිංහල සාහිත්‍ය අංශය) පැතුම් අභිෂේක(නාට්‍ය හා රංග කලාව) වෙනුවෙන් ධර්මරාජ විශිෂ්ට ප්‍රසාද සම්මානයෙන් පිදුම් ලැබූහ. ධර්මරාජ විදුහල්පති දම්පිය වනසිංහ මහතාගේ මගපෙන්වීම මත විද්‍යාලයේ සාහිත්‍ය හා කලා පදනම විසින් උලෙළ සංවිධානය කරනු ලැබිණි.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |