යසෝදරාවට සරා සඳ පෑයූ දා

2024 දෙසැම්බර් මස 22 ප.ව. 03:31 - {{hitsCtrl.values.hits}}  

කොළඹ යසෝදරා විද්‍යාලයීය කලා උලෙළ පසුගියදා කොළඹ ආනන්ද විද්‍යාලයේ කුලරත්න ශාලාවේ පැවැත්විණි.  නර්ථන, ගීත ගායනය හා නාට්‍ය යන අංගයන්ගෙන් සමන්විත වූ මෙම කලා උලෙළට වාදනයෙන් සහභාගි වී ඇත්තේ ද යසෝදරා වාද්‍ය වෘන්දයයි. මෙම කලා උලෙළේ තේමාව වී තිබුණේ මහගමසේකරයන්ගේ සාහිත්‍ය සේවාවේ ගීත සාහිත්‍ය පිළිබඳව මතකයන් ආවර්ජනය කිරීමයි.

විශේෂිත ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී වූ ප්‍රවීන ගායන ශිල්පී ජගත් වික්‍රමසිංහ මහතා විද්‍යාලයීය වාද්‍ය වෘන්දය දිරිගන්වනු පිණිස ඔවුන්ගේ සංගීතයට දරැවන් සමග එකතුව රත්නදීප ජන්ම භූමි ගීතය ගායනා කළේය.සම්භාවනීය අමුත්තන් ලෙස කලාප හා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරැන් හා අවට පාසල්වල විදුහල්පතිවරු සහභාගී වූහ.ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ප්‍රවීණ ගීත රචක මහින්ද චන්ද්‍රසේකර මහතා සහභාගි වී තිබූ අතර විශේෂිත ආරාධිත අමුත්තන් ලෙස මහගමසේකර මහතාගේ පුත් රවීන්ද මහගමසේකර හා මහගමසේකර මහතාණන්ගේ දියණිය වන නිරෑපමා සල්මාලි මහගමසේකර මහත්මිය ද සහභාගී වූහ.

කලා උලෙළට සමගාමීව සාහිත්‍ය තරග ද පැවැත්වූ අතර අන්තර් පාඨශාලීය තරග, ලිඛිත තරග, ගී රසවින්දන පාසල් දරැවන් අතර ලිඛිත හා කථික තරග, කෙටිකතා, නාට්‍ය පිටපත්, චිත්‍ර තරග පැවැත්විණි. සමස්ත කුසලානය ජයග්‍රහණය කරන ලද්දේ ආනන්ද විද්‍යාලයයි.

මෙම කලා උලෙළ යසෝදරා විද්‍යාලයීය කලා අංශයේ සාහිත්‍ය සංගමයේ උසස් පෙළ ශිෂ්‍යාවන්, සාහිත්‍ය සංගමය භාර ආචාරිණී, කේ.කේ.වඩිමුණ මහත්මියගේ මෙහෙයවීමෙන් සංවිධානය කෙරිණ.

විදුහල්පති පී.නිලූකා සමන්කුමාරි මහත්මියගේ අධීක්ෂණය හා මගපෙන්වීම යටතේ විෂය සමගාමී විදුහල්පති නන්දනී පුෂ්පා සහ සහකාර විදුහල්පතිනි අනෝමා රද්දැල්ල මහත්මියගේ උපදෙස් පරිදි විද්‍යාලයේ ආචාර්ය සහාය ලබා දී තිබුණි.

විද්‍යාලයීය නර්තන අංශයෙන් නර්තනය සහ අංග රචනය ද, සංගීත අංශයෙන් ගායනය ද, නාට්‍ය හා රංග කලාව අංශයෙන් නාට්‍යය ද, විද්‍යාලයීය වාද්‍ය වෘන්දයෙන් වාදනය ද, සිංහල අංශයෙන් භාෂා තරග ද වශයෙන් සියලු අංශවල එකතුවක දිග හැරැමක් ලෙස යසෝදරා විද්‍යාලයීය සරා සඳ 2018 හැඳින්විය හැක. එය තවත් කලා ප්‍රසංගයකට වඩා වැඩි යමක් යැයි නැරඹූ ඕනෑම කෙනෙකුට සිතෙන සිතිවිල්ලකි. මෙය විද්‍යාලයීය නව හැරවුම් කේන්ද්‍රයක ආරම්භයක් විය හැක.(WIJ/SR/00120)

අමීරා හමීඩ්

 

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...