2025 ජනවාරි මස 20 ප.ව. 10:32 - {{hitsCtrl.values.hits}}
චීන මහජන සමූහාණ්ඩුවේ 70 වැනි සංවත්සර සැමරුමට සමගාමීව චීන සංස්කෘතික මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලබන චීනයේ හුබෙයි පළාතට ආවේණික නැටුම්, ගැයුම්, සංගීත, සර්කස් සමඟින් ඉදිරිපත් කරන ‘හුබෙයි සංස්කෘතික හා සංචාරක සතිය’ 2019 ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම නෙලුම් පොකුණ රගහලේදී පැවැත්විණ.
ඊට සමගාමීව චීන සංස්කෘතික මධ්‍යස්ථනයේදී හූබෙයි පළාතේ විවිධ සංස්කෘතික අංශයන් නියෝජනය කරමින් නැටුම්, ගැයුම්, සංගීත, චිත්‍ර, ඡායරූප, මෙන්ම විවිධ සංස්කෘතික උරුමයන් රැසක් සමගින් ශ්‍රී ලංකාවේ ඡායරූප හා චිත්‍ර ශීල්පීන්ගේ නිර්මාණද හුබෙයි පළාතේ සංචාරක අත්දැකීම් ද ඇතුළත් දැක්මක් ද මෙයට ඇතුළත්ය. ප්‍රථම වතාවට මෙවර කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානයේදී ද ප්‍රදර්ශනය කෙරිණ. එය උතුරු ජනතාවට ලැබුණු දුර්ලභ අවස්ථාවක් බව චීන සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්යක්ෂ නිවේදනය කරයි. මහජන චීන සමූහාණ්ඩුවේ සංස්කෘතික, සංචාරක අමාත්‍යංශය, හුබෙයි පළාතේ මහජන රජය හා චීනයේ හුබෙයි පළාතේ සංස්කෘතික හා සංචාරක දෙපාර්තමේන්තුව එක්ව ශ්‍රී ලංකාවේ චීන සංස්කෘතික මධ්‍යස්ථානය විසින් සංවිධානය කර තිබිණි.
ප්‍රදර්ශනය හා සංදර්ශනය ඉදරිපත් කිරීම චීනයේ හුබෙයි ප්‍රාන්ථයේ කලා නිර්මාණ පිළිබඳ වෘත්තීය පාසල, හුබෙයි පළාතේ ජනකලා මධ්‍යස්ථානය, පළාත් ලලිත කලා ආයතනය පළාත් අසපෘශ්ය උරුමයන් සුරැකීමේ මධ්‍යස්ථානවල නිර්මාණවේදීන් සහයෝගයෙන් සිදුවිය.
තිලක් ඉන්දික සෙනෙවිරත්න
ඡායාරූප- ඒෂාන් ප්‍රනාන්දු
චීනයේ ‘හුබෙයි සංස්කෘතික හා සංචාරක සතිය’ 24 සිට 28 දක්වා
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |