හෝමාගම පනාගොඩ යුදහමුදා විද්‍යාලයේ සිඟිති රඟ ප්‍රභා

2024 ඔක්තෝබර් මස 16 ප.ව. 09:55 - {{hitsCtrl.values.hits}}  

හෝමාගම   පනාගොඩ  යුදහමුදා  විද්‍යාලයේ  දරැ  දැරියන්  විසින්  පවත්වනු   ලැබූ සිඟිති   රඟ  ප්‍රභා  2018  කලා  ප්‍රසංගය  සෞන්දර්ය  විශ්වවිද්‍යාලයේ  කථිකාචාර්ය   පේසල  මනෝජ්  මහතාගේ  ප්‍රධානත්වයෙන්    පසුගිය දා  විද්‍යාලයේදි  පැවැත්වුණි. 
 විදුහල්පති  වයි . ජී . සී . යාපා  බණ්ඩාර මහතාගේ  උපදෙස්   මත  පාසලේ   ගුරැ   මණ්ඩලය   සමග  මවුපියන්   එක්ව    සංවිධානය කර  තිබූ   අතර    සිසු සිසුවියන්ගේ   විවිධ   නැටුම්   ගැයූම්වලින්   ප්‍රසංගය    වර්ණවත්  විය. බස්නාහිර  පළාත්  කෘෂිකර්ම  ඉඩම්  හා  වාරිමාර්ග  අමාත්‍ය  ගාමිණී  තිලකසිරි, බස්නාහිර  පළාත්  සභා  මන්ත්‍රී  මංජු  ශ්‍රී  අරංගල , හෝමාගම    කලාප අධ්‍යාපන  අධ්‍යක්ෂ  පාලිත  වීරසූරිය,  සහකාර   අධ්‍යාපන  අධ්‍යක්‍ෂ  සී . හෙට්ටිආරච්චි  යන  මහත්වරැ   ඇතුළු  පිරිසක්  සහභාගී   වූහ . 

(හෝමාගම  ප්‍රියන්ත ජයලත් )

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...