විස දුමෙන් නවදිල්ලි නුවර වැසේ

2025 අප්‍රේල් මස 19 පෙ.ව. 03:09 - {{hitsCtrl.values.hits}}  

නවදිල්ලිය විස මීදුමකින් වැසෙයි


නවදිල්ලියේදීය (රොයිටර්)
 
නිර්දේශ කර තිබෙන වායුවලට දස ගුණයකින් වැඩි විස සහිත මීදුම සහ දුම මිශ්‍ර ඝණ පටලයකින් අසල්වැසි ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලි නුවර වැසී ගොස් ඇතැයි වාර්තා වේ. 
 මෙම තත්ත්වය ඇති වී මේ වනවිට සති දෙකක් ගෙවී ගොස් තිබෙන අතර මහජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් තත්ත්වයක පවත්වාගැනීමේ අභියෝගයකට එරට සෞඛ්‍ය බලධාරීහූ මුහුණ පා සිටිති.  
 ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් පැතිර තිබෙන වායුව විස මට්ටම මැන බලා තිබෙන අතර එය සඳුඳා (13) දහවල් වන විට අදාළ මිනුම් ක්‍රමයේ දර්ශක අගය 498ක් වාර්තා කර තිබේ. මිනිසුන්ට ආශ්වාස ප්‍රාශ්වාස කිරීම සුදුසු වාතයේ අදාළ අගය 50ක් බව ද පැවසේ. ඉදිරි දින තුනක කාලයේදී වර්ෂාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් එයින් මෙම තත්ත්වය පහව යනු ඇතැයි ද ඉන්දීය කාලගුණා විද්‍යා කාර්යාලය සඳහන් කළේය. 
 දැනට තිබෙන විස වායු තත්ත්වය හේතුවෙන් පෙනහළුවල රෝග සහ වෙනත් රෝගාබාධා ඇතිවීමේ අවදානමක් ඇතැයි ද සෞඛ්‍ය බලධාරීහූ පෙන්වා දෙති. මෙම තත්ත්වය හේතුවෙන් කුඩා දරුවන් රෝගී තත්ත්වයට පත්වූ බව ට තොරතුරු වාර්තා වූ බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...