2025 අප්‍රේල් මස 19 පෙ.ව. 03:07 - {{hitsCtrl.values.hits}}
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් අන් අතර වන ඓතිහාසික හමුව සිංගප්පුරුවේ “සෙන්තොසා” දූපතේදී මෙම ඓතිහාසික හමුව සිදුවීය. කැනඩාවේ පැවැති ජී-07 නායක සමුළුවෙන් පසු ඇමෙරිකානු නායකයා සිංගප්පූරුව බලා පැමිණි අතර ඒ අතරතුර ඔහු ට්‌විට්‌ර් සටහනක් තබමින් පැවසුවේ මෙම හමුව උතුරු කොරියාවට පමණක් නොව සමස්‌ත ලොවටම යහපත් ප්‍රතිඵල ගෙන දෙනු ඇති බවයි.
ලෝක ප්‍රජාව තුළ හිතුවක්‌කාරයන් ලෙස ප්‍රචලිත මේ නායකයන් දෙපළමගේම හමුව ලෝක දේශපාලන අනාගතය සම්බන්ධයෙන් යහපත් බලාපොරොත්තුවක් බව දේශපාලන විචාරකයිනගේ අදහසයි.
ඒ අනුව මිට සුළු මොහොතකට පෙර “සෙන්තොසා” දූපතේදී මෙම ඓතිහාසික හමුව සිදුවීය. දැඩි ආරක්‍ෂක රැකවල් මධ්‍යයේ නායකයන් දෙදෙනා සිංගප්පූරුවේ රැඳී සිටින අතර ඔවුන්ගේ ආරක්‍ෂාවට පමණක් සිංගප්පූරුව ඩොලර් බිලියන දෙකහමාරකට ආසන්න මුදලක් වැය කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. ට්‍රම්ප් – කිම් හමුව ආවරණය කිරීම සඳහා ලොව සතර දෙසින් මාධ්‍යවේදීන් 2500 ක් පමණ මේ වන විට සිංගප්පූරුවට පැමිණ ඇති බව ද සඳහන්.
Pic Source: BBC
![]() |
diary Read more... |