2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 12:19 - {{hitsCtrl.values.hits}}
කුරුණෑගල දිස්ත්‍රික් වයඹ රාජකීය විද්‍යාලයීය බාලදක්ෂිකාවන් 37 දෙනෙකු සඳහා සංවිධානය කල බාලදක්ෂිකා කඳවුරක් පසුගිය 2017/02/23 සිට 26 දක්වා විද්‍යාල භූමියේදී පැවැත් විය. බාලදක්ෂිකා සමූහ නායිකා KCSTK සතරසිංහ මහත්මියගේ සංවිධානයෙන් පැවති මෙම කඳවුරේදී වනවාසී ක්‍රමයට ආහාර පිසීම, කුරුල්ලන්, තරු නිරීක්ෂණය, මාලිමා භාවිතය, ගවේෂණ, කඳවුරු කරණය ආදී එළිමහන් පුහුණු කටයුතු රැසක් පවත්වනු ලැබිණ. විදුහල්පති HM ආරියදාස මහතාගේ අධීක්ෂණයෙන් හා කදවුරු පාලිකා TMM මල්හාරි තෙන්නකෝන් මෙන, ආහාර පාලිකා ශාමලී උදය කුමාරි, කඳවුරු හෙදිය කාවින්දි උදය කුමාරි ගේ සහයෝගීත්වයෙන් කඳවුර සාර්ථකව නිමා විය. Pic and News: Mudith Madusanka Kurunegala District Reporter Scouting Magazine
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |