2025 මාර්තු මස 29 පෙ.ව. 04:43 - {{hitsCtrl.values.hits}}
ඔක්තෝබර් මාසයට යෙදෙන ලෝක ගුරු දිනය නිමිත්තෙන් විදුහලේ ජ්‍යේෂ්ඨ ශිෂ්‍ය නිලකමිටුව සංවිධානය කර තිබූ, එහෙත් කොරෝනා වසංගත තත්ත්වය නිසා අවලංගු කරන ලද, ගුරු දින වැඩ සටහන සෞඛ්‍ය ප්‍රමිතීන්ට අනුගත ව ශිෂ්‍ය ප්‍රජාවේ සහභාගිත්වයෙන් තොර ව, පසු ගිය දා විදුහල් ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණි.
මෙහි සුවිශේෂි අවස්ථාවක් වූයේ ශිෂ්‍ය නායක මණ්ඩලය විසින් විදුහල්පතිතුමිය ඇතුළු සමස්ත ආචාර්ය මණ්ඩලය වෙත පේර පැළය බැගින් තිළිණ කරමින් පිළිගනු ලැබීමයි. ජීව ශාඛය හෙට අතු ඉති විහිද ඵල දරන්නා සේ නිපුණතා සපිරි දරු පිරිසක් සමාජ ගත කරන්නට ගුරු ඇසුර මහත් ඵලදායක වන බව සංකේතවත් කරමින් දරුවන් ලබා දුන් තිළිණය ඉතා ඉහළින් ම විදුහල්පතිනි එම්. අබේගුණසේකර මහත්මිය අගය කළා ය. ප්‍රධාන ශිෂ්‍ය නායිකා හිරුදිනී දසනායක ශිෂ්‍යාව විදුහල්පතිනිය වෙත එම තිළිණය පිරිනැමූ අවස්ථාව හා විශේෂ අවස්ථා කිහිපයක් මෙහි දැක්වේ.(
ඇන්ටන් විජේරත්න විසිනි )
![]() |
diary Read more... |