විජය පුවත්පත් සමාගමට ජාතික පුවත්පත් මුද්‍රණ විශිෂ්ටතා සම්මානය

2024 ඔක්තෝබර් මස 16 ප.ව. 04:06 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමයේ මෙහෙයවීමෙන් පවත්වන 2018 ශ්‍රී ලංකා මුද්‍රණ විශිෂ්ටතා සම්මාන උළෙලේදී ජාතික පුවත්පත් සඳහා වන ජාතික සම්මානය විජය පුවත්පත් සමාගමට හිමි විය. මෙම සම්මාන උත්සවය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්විණි. සිංගප්පූර්වේ සයිබර් සමාගමේ සභාපති හර්බර් සොන් මහතා විසින් එම සම්මානය විජය පුවත්පත් සමාගමට පිරිනමනු ලැබීය. අතිරේක කළමනාකරු (මුද්‍රණ) ඒ එම් සේනානායක, තත්ත්ව සහතික විධායක අනුෂ්කා වීරවර්ධන, ක්‍රියාවලි සංවර්ධන විධායක නෙලුක පරණවිතාන, නිෂ්පාදන සැලසුම්කරණ හා විශ්ලේෂණ විධායක කෝලිය ජයසිංහ, මුද්‍රණ කළමනාකාර ඩී.එන්.ගුණරත්න මහත්ම මහත්මීන් එම සම්මානය ලබා ගත් අයුරු ඡායාරූපයේ දැක්වේ.

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...