2024 දෙසැම්බර් මස 22 ප.ව. 10:48 - {{hitsCtrl.values.hits}}
අ.පො.ස.සාමාන්‍ය පෙළ 2022 විභාගය සමත් ප්‍රතිඵල ප්‍රතිශතය අනුව අඛණ්ඩව නවවන වතාවටත් දිවයිනේ ප්‍රථම ස්ථානය දකුණු පළාතට හිමිවී තිබේ.
2022 සාමාන්‍ය පෙළ විභාගයට දකුණු පළාතේ පාසල්වලින් ප්‍රථම වතාවට ඉදිරිපත්වූ සිසු සංඛ්‍යාව 41446 ක් වන අතර එයින් 32165 ක් උසස්පෙළ සඳහා සුදුසුකම් ලබා සමත්ව සිටින අතර එය දිවයිනේ පළාත් මට්ටමින් වැඩිම ප්‍රතිශතය වූ 77.61 කි. එම සමත් ප්‍රතිශතය අනුව සියයට 75.18 ක් හිමිකරගත් සබරගමුව පළාත දෙවන තැනටද සියයට 74.96 ක් හිමිකරගත් බස්නාහිර පළාත තෙවන තැනටද පත්වී තිබේ.
2022 සාමාන්‍ය පෙළ විභාගයට අදාලව විභාග දෙපාර්තමේන්තුවේ පර්යේෂණ හා සංවර්ධන ශාඛාව මගින් නිකුත් කර ඇති ප්‍රතිඵල විශ්ලේෂණ වාර්තාව අනුව මේ බව අනාවරණය කර තිබේ.
එම වාර්තාව අනුව දකුණු පළාත 2017 සිට 2022 දක්වා අඛණ්ඩව හා ඊට පෙර නිකුත්කළ විශ්ලේෂණ වාර්තා අනුව 2014,2015,සහ 2016 වසරවලද ලෙස වසර නවයක්ම දකුණු පළාත මෙම ජයග්‍රහණය හිමිකර ගෙන සිටීම විශේෂත්වයකි
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |