අඩි 5,249 ක් උස කන්දක් මුහුදු පතුලෙන් සොයා ගනියි

2024 සැප්තැම්බර් මස 08 පෙ.ව. 09:24 - {{hitsCtrl.values.hits}}  

අඩි 5,249 ක් උස කන්දක් මුහුදු පතුලෙන් සොයා ගැනීමට 'ෂ්මිත්' සාගර පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන් සමත් වී ඇත. ඒ, ගෞතමාලාවට ඔබ්බෙන් සාගර පතුල නව තාක්ෂණික උපකරණ භාවිතයට ගනිමින් ස්කෑන් කරද්දීය.

ගෞතමාලාව යනු ලතින් ඇමෙරිකා රාජ්‍යයකි. විද්‍යාඥයන් පෙන්වා දෙන අන්දමට මෙම සාගර කන්ද Seamount බර්ජ් කලීෆා කුලුනු ගොඩනැගිල්ලටත් වඩා විශාලය. ලොව උසින් වැඩිම ගොඩනැගිල්ල ලෙස වාර්තා අතරට ගිය බර්ජ් කලීෆා කුලුනු ගොඩනැගිල්ලේ උස අඩි 2,722 කි.

ගැනීමට 'ෂ්මිත්' සාගර පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන් සාගර පතුල ගවේෂණය කරන්නේ 'ෆොල්කෝර්' Falkor නමැති නැවේ ආධාරයෙනි. පසුගිය මාස 6 ක කාලයේ විද්‍යාඥයන් මෙම නැව ආධාරයෙන් සාගරය ගවේෂණය කරමින්, නව සොයා ගැනීම් 9 ක් ගැන වාර්තා කළේය.

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...