අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අධ්‍යාපන පරිවර්තනයක් දක්වා පුළුල් කෙරේ

2025 ජනවාරි මස 16 පෙ.ව. 10:29 - {{hitsCtrl.values.hits}}  

ලෝක කෝවිඩ් ව්‍යසනයෙන් පසු අධ්‍යාපනයේ පරිවර්තනයකට ගමන් කළ යුතු වූ යුනෙස්කෝ සම්මුතීන්වලට අදාළ වන පරිදි 2023 වර්ෂයේ සිට මෙරට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කඩිනමින් අධ්‍යාපන පරිවර්තනයක් දක්වා පුළුල් කළ බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති  පොලිමත් සරසවියේ පෙරපාසල් ගුරු පුහුණුව හා සූපවේදී පාඨමාලාව අවසන් කළ ඩිප්ලෝමාධාරීන් සඳහා සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

කොටස් හයකින් සමන්විත නව අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලියේ මුල් ම අදියර වන පරිපාලන අධ්‍යාපන වෙනස්කම් ලබන වසරේ සිට ම ආරම්භ කරන බවත් ඒ අනුව ඉදිරියේ දී දැනට තිබෙන කලාප කාර්යාල 100 - 120 දක්වා වැඩි කර ඒ යටතේ තිබෙන කොට්ඨාස 550ට අදාළ ව පාසල් මණ්ඩල 550ක් ස්ථාපනය කරන බවත් අමාත්‍යවරයා පැවසී ය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සංචාරක හා සත්කාරක සේවා කළමනාකරණ ආයතනයේ සභාපති ශිරන්ත පීරිස් හා පොලිමත් සමූහයේ සභාපති උපාලි ගුණසේකර යන මහත්වරු සහභාගි වූහ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...