අලින්ටත් හිස තෙල් ගායි

2025 අප්‍රේල් මස 07 ප.ව. 11:56 - {{hitsCtrl.values.hits}}  

අලි ඇතුන්ට හිසතෙල් ගෑමෙ චාරිත්‍රය අද 17 උදෑසන පින්නවලදී සිදුකෙරුනි. අද දිනට යෙදිතිබූ අවුරුදු චාරිත්‍රය මේ අයුරින් රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

සංඝරත්නය වැඩම කරවා දීර්ඝායු සහ නිරෝගී චිර ජීවන ප්‍රාර්ථනය පෙරදැරිව පිරිත් සජ්ජායනාව සුදුකිරීමෙන් අනතුරුව පින්නවල අලි අනාථාගාරයේ රැකවරණය ලබන අලි ඇතුන්ගේ හිස තෙල් ගෑමේ මංගල්‍යය අද දින පූර්ව භාග 7.16 ට යෙදුණු සුබ මොහොතින් සිදු කෙරිණි.

මෙම හෙළ සංස්කෘතිකාංගයට සමගාමීව අලි ඇතුන්ට පළතුරු, රස කැවිලි, කිරිබත් ඇතුළු ආහාර වලින් සංග්‍රහ කල අතර මෙම අවස්ථාවට දේශපාලන නායකයන් සහ රඹුක්කන පින්නවල අලි අනාථාගාරයේ කාර්‍ය මණ්ඩලයද එක්වූහ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...