2024 දෙසැම්බර් මස 22 ප.ව. 10:50 - {{hitsCtrl.values.hits}}
මෙවර අ.පො.ස.උසස් පෙළ විභාගයේ අවලංගු කරන ලද කෘෂි විද්‍යාව දෙවන ප්‍රශ්න පත්‍රය වෙනුවට යළි නව ප්‍රශ්න පත්‍රයක් ලබාදීමේ විශේෂ විභාගය පෙබරවාරි පළමුවනදා( 1)පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
මේ අනුව ජනවාරි 31 දිනට අවසන් වීමට නියමිතව තිබූ 2023(2024) උසස් පෙළ විභාගය පෙබරවාරි 01 දායින් අවසන්වන අතර සියලු විභාග මධ්‍යස්තාන එදිනද සාමාන්‍ය පරිදි පැවත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
යළි මෙම කෘෂි විද්‍යාව දෙවන ප්‍රශ්න පත්‍රයට පෙනී සිටින පුද්ගලික අයදුම්කරුවන්ට සිය පුද්ගලික ලිපිනයට හා පාසල් අයදුම්කරුවන්ට ඔවුන්ගේ පාසලේ විදුහල්පති වෙතද විභාග ප්‍රවේශ පත්‍රය එවන බව විභාග දෙපාර්තමේන්තුව මීට පෙර නිවේදනය කර තිබිණි.
ඉකුත් 10 දා සවස පැවත්වූ මෙම කෘෂි විද්‍යාව දෙවන ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර විවිධ සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වී ඇතැයි අනාවරණය වූ නිසා අවලංගු කළ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
මෙම ප්‍රශ්න පත්‍රය පිටවීම සම්බන්ධයෙන් මේ වනවිට අධ්‍යාපන අමාත්‍යාංශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදුකරන බව විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |