ආරක්ෂාව, නිරවද්‍යතාව ඉහළ නංවන චීනයේ මෙගා වේල්ල

2024 දෙසැම්බර් මස 30 ප.ව. 10:51 - {{hitsCtrl.values.hits}}  

රටේ පුනර්ජනනීය බලශක්තිය භාවිත කිරීම සඳහා ලොව දෙවැනි විශාලතම ජලවිදුලි බලාගාරය ඉදිකිරීමට චීනය පියවර ගනිමින් සිටියි.

එහි ආරක්ෂිත ක්‍රියාකාරිත්වය සහතික කිරීම සඳහා ඉංජිනේරුවන් අති නවීන තාක්‍ෂණයන් රැසක් ඇතුළත් කර ඇති බැවින් ව්‍යාපෘතිය නව්‍යකරණයන්ගෙන් පිරී තිබේ.

නිරිතදිග චීනයේ යැංසි ගඟේ ඉහළ කොටස වන ජින්ෂා ගඟේ පිහිටා ඇති බයිහේටන් ජලවිදුලි බලාගාරය දැනට ඉදිවෙමින් පවතින ලොව විශාලතම හා සංකීර්ණම ජල විදුලි ව්‍යාපෘතිය වේ.

එය කිලෝවොට් පැය මිලියන 16 (kWh) ක ඒකාබද්ධ ධාරිතාවක් නිෂ්පාදනය කරමින් වේල්ල ඉවුරේ දෙපස ජල විදුලි උත්පාදන ඒකක 8කින් සමන්විත වේ. සැප්තැම්බර් අග වනවිට, වම් පැත්තේ ඒකක 8 ක්‍රියාත්මක වීම ආරම්භ කිරීමෙන් පසු ජනක යන්ත්‍ර 12ක් වාණිජමය භාවිතයට යොදා ගැනෙයි.

අවසන් වූ පසු, මධ්‍යම චීනයේ හුබෙයි පළාතේ ත්‍රී ගෝර්ජස් වේල්ල ව්‍යාපෘතියට පමණක් දෙවැනි වෙමින්, මෙම බලාගාරය සම්පූර්ණ ධාරිතාව අනුව ලොව දෙවැනි විශාලතම බලාගාරය වනු ඇත.

නරේන් විශ්වජිත්

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...