ඇමෙරිකානු පාසල්වල විෂයය භාහිර ක්‍රියාකාරකම් තහනම්ලු

2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 02:45 - {{hitsCtrl.values.hits}}  

කොවිඩ්-19 හි වත්මන් ව්‍යාප්තිය මැඬපැවැත්වීම සඳහා, එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC) සෑම එක්සත් ජනපද පාසලක්ම පාහේ පාපන්දු, මල්ලවපොර, තූර්‍ය වාදක කණ්ඩායම සහ අනෙකුත් ප්‍රධාන පාසල් ක්‍රියාකාරකම් රැසක් අවලංගු කරන ලෙස යෝජනා කර තිබේ.

CDC අධ්‍යක්ෂ ආචාර්ය රොෂෙල්ලේ වැලන්ස්කි නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ "සමහර විෂය බාහිර ක්‍රීඩාවල වැඩි අවදානමක් පවතින නිසා මලල ක්‍රීඩාවලට වඩා මේ කාලය තුළ අධ්‍යාපනයට ප්‍රමුඛත්වය දෙන ලෙසයි. ඩෙල්ටා රැල්ල පවතින කාලය තුළද පාසල් පද්ධතිය විවෘතව තබාගැනීමට මෙවැනි මාර්ගෝපදේශ ඵලදායී වී තිබුණා." යනුවෙනි.

කෙසේ වෙතත්, දශක හතරක් තිස්සේ CDC හි උපදේශකයෙකු වන විලියම් ෂැෆ්නර් පැවසුවේ ඇමෙරිකානුවන් එවැනි යෝජනාවක් අනුගමනය කරනු ඇතැයි සිතිය නොහැකි බවයි. කෙසේ වෙතත් වත්මන් ඔමික්‍රෝන් රැල්ල මගින් ඇමෙරිකා එක්සත් ජනපදය තුළ දැවැන්ත අර්බුදයක් ඇති කරමින් පවතින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...