ඇහැළේපොල වලව්වේ ප්‍රතිසංස්කරණ ජනපති නිරීක්ෂණයට

2024 නොවැම්බර් මස 18 ප.ව. 01:57 - {{hitsCtrl.values.hits}}  

වසර 400කට වඩා ඉපැරණි මහනුවර රජවීදියේ පිහිටි ඇහැළේපොළ වලව්වේ ප්‍රතිසංස්කරණ කටයුතු අද (06) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක්විය.

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ දී සිර මැදිරියක් හා පසුකාලීනව රිමාන්ඩ් බන්ධනාගාරයක් ලෙස  පවත්වාගෙන ගිය මෙම ගොඩනැඟිල්ල නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගෙන, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ සංවර්ධනය කෙරිණ.  

ඓතිහාසික වටිනාකමකින් යුත් මෙම ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් සියල්ල මුල් වකවානුවේ පැවති වලව්වේ පෞරාණික සැලැස්මට හානියක් නොවන පරිදි සිදු කර තිබේ. ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් නිම කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දෙනු ලැබීය.

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...