2024 දෙසැම්බර් මස 22 ප.ව. 05:53 - {{hitsCtrl.values.hits}}
කොවිඩ් 19 වසංගත අවදානම මැද පසුගිය සැප්තැම්බර් මස 14 දා ආරම්භ වු ඉතාලියේ නව පාසැල් වර්ෂය සති දෙකක කාලයක් ගතවන විට දිනෙන් දින පාසැල් ආශ්‍රිතව කොවිඩ් 19 ආසාදිත වාර්තා වීම් හේතුවෙන් විවේචන දෝෂාරෝපණ හා චෝදනා මැද ඉතාලි දේශපාලනය මෙන්ම පාසැල් පද්ධතියද උණුසුම් වෙමින් පවති.
කොවිඩ් වසංගතයෙන් පාසැල් අනාරක්ෂිත වීම හා කොවිඩ් 19 වසංගතයට මුහුණ දීම සඳහා පාසැල් සඳහා අවශ්‍ය පහසුකම් ලබා නොදීම හා එම පහසුකම් ප්‍රමාද වීම සම්බන්ධයෙන් රජයට විරෝධය දැක්වීමේ උද්ඝෝෂණ මාලාවක් මිලාන් නගරයේ සිට ආරම්භ විය.
උසස් පෙළ සිසුන්ගේ සංවිධානයෙන් ආරම්භ වු මෙම විරෝධතාවට ගුරුවරුන් පාසැල් කාර්ය මණ්ඩලය මෙන්ම දෙමාපියන්ද එක්ව සිටි අතර ඔවුන්ගේ ප්‍රධානතම ඉල්ලීම වුයේ පාසැල කොවිඩ් වසංගතයෙන් සුරක්ෂිත ස්ථානයක් කරලීමට සියලු පහසුකම් ඉක්මනින් ලබා දෙන ලෙසයි.
ඊයේ (26) ඉතාලියේ PCR පරික්ෂණ 104,387 ක් සිදු කර කොවිඩ් ආසාදිතයන් 1,869 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඊයේ (26) දිනයේදි ඉතාලියේ කොවිඩ් 19 මරණ 17 ක් වාර්තා වි තිබේ.
චන්දන ප්‍රනාන්දු
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |