උපෙළ විශිෂ්‍ඨයෝ ඇමති හමුවෙති

2025 ජනවාරි මස 15 ප.ව. 05:12 - {{hitsCtrl.values.hits}}  

අපොස උසස් පෙළ විභාගයෙන් දිවයිනේ විශිෂ්ට ප්‍රථිපල ලබාගත් සිසු සිසුවියන් ඇගයීමේ වැඩසටහන අද දින අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර අමාත්‍යවරයා සමඟ සමූහ ඡායාරූපයකට සහ සෙල්ෆි ඡායාරූපයකට ඔවුන් පෙනී සිටි.

ඡායාරූපයෙහි ජෛව විද්‍යා ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගත් ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ පහන්මා උපානි ලෙනෝරා, භෞතික විද්‍යා විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගත් කොළඹ ආනන්ද විද්‍යාලයේ චිරත් නිරෝධ, වාණිජ විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගත් පානදුර බාලිකා විද්‍යාලයේ ශෙහාරා සිතුමිනි, කලා විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගත් ගාල්ල රිච්මන් විද්‍යාලයේ ටසුන් රිත්මික විතානගේ, ඉංජිනේරු තාක්ෂණවේද විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගත් ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයෙන් ශෙහානි නවෝද්‍යා, ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගත් ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලයෙන් කිරුලු සිහිල්දිය යන සිසු සිසුවියන් සමඟ අධ්‍යාපන අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පෙනී සිටි අයුරු ඡායාරූපයන් හී දැක්වේ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...