උසස් පෙළට යන්න ඉන්න සිසුන්ට කොන්දේසි කීපයක් පනවයි

2024 නොවැම්බර් මස 17 ප.ව. 04:17 - {{hitsCtrl.values.hits}}  

අ.පො.ස.සාමාන්‍ය පෙළ 2023/2024 විභාගයට පෙනී සිටි සිසුන්  ඉදිරියේදී පාසල්වල  ආරම්භ කිරීමට නියමිත උසස් පෙළ තාවකාලික පන්තිවලට අනුයුක්තව සිටින කාලය තුළ පැමිණි දින ගණනද උසස් පෙළ විභාගයට පෙනී සිටීමේදී අවශ්‍ය සියයට 80 පැමිණීමේ ප්‍රතිශතය සඳහා සලකා බැලීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. 

එමෙන්ම එම  සිසුන් සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත වෙනත්  පාසලක උසස් පෙළ හැදෑරීමට යාමේදී  එලෙස  තාවකාලිකව යම් පාසලකට ඇතුළත්ව ඉගෙනුම ලබා තිබීම ප්‍රමුඛතාවයක් ලෙස සලකන  බවද අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

ඒ අනුව සිසුන්   සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත වෙනත් පාසලකට ඇතුළත් වීමට ඉල්ලුම් කිරීමේදී තාවකාලිකව අනුයුක්තව සිටි කාලසීමාව තුළ පාසල් පැමිණීම හා  විෂය සමගාමී ක්‍රියාකාරකම් පිළිබඳව වාර්තාවක් තාවකාලිකව  අනුයුක්තව සිටි පාසලේ විදුහල්පති විසින් නිකුත් කළ යුතු අතර එය නව පාසලට ඇතුළත් කර ගැනීමට අමතර සුදුසුකමක් සේ සැලකෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

රජය අනුමත පුද්ගලික පාසල්වලටද මෙම නියමු වැඩ සටහන අදාල කරගත හැකි බැව් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය මේ සම්බන්ධයෙන් විදුහල්පතිවරුන් ඇතුළු අධ්‍යාපන ප්‍රධානීන් වෙත උපදෙස් දෙමින්  නිකුත් කර ඇති ලිපියේ සඳහන් වේ.

  ඉකුත් මැයි 15 දා අවසන්වූ සාමාන්‍ය පෙළ 2023/2024 විභාගයට පෙනී සිටි සිසුන් සඳහා ප්‍රතිඵල නිකුත් වෙන තෙක්   පාසල්වල පවතින උසස් පෙළ විෂය ධාරා   අනුව  ඉදිරි ජුනි මස 04 දින තාවකාලික    උසස් පෙළ    පන්ති ආරම්භ කිරීමට විදුහල්පතිවරුන් කටයුතු කළ යුතු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර නිකුත් කළ චක්‍රලේඛයක් මගින් දන්වා තිබිණි .

ජේ.ඉඳුරුවගේ

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...