උසස් පෙළ විභාගය නොවැම්බර් 25 දා සිට දෙසැම්බර් 20 දක්වා

2024 දෙසැම්බර් මස 27 පෙ.ව. 09:13 - {{hitsCtrl.values.hits}}  

අ.පො.ස උසස් පෙළ 2024 විභාගය නොවැම්බර් 25 දින ආරම්භ වී දෙසැම්බර් 20 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙම විභාගයේ පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර හා කාල සටහන අදාල පාසලේ විදුහල්පති වෙතද ,පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර හා කාලසටහන ඔවුන්ගේ පුද්ගලික ලිපිනයටද තැපැල් මගින්   යොමුකර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.

තැපැල් මගින් මේ වනවිට ප්‍රවේශපත් නොලැබුණු පෞද්ගලික අයදුම්කරුවන්ට නොවැම්බර් 18 දා සිට www.doenets.lk යන විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙතින් එය බාගත කරගත හැකි අතර    ප්‍රවේශ පත්‍රවල විෂය,මාධ්‍යය සහ නාම සංශෝධන ඇත්නම්  සියලුම අයදුම්කරුවන්ට  http://onlineexams.gov.lk/eic වෙබ් අඩවිය වෙතින් නොවැම්බර් 18 මධ්‍යම රාත්‍රී 12.00 දක්වා සංශෝධන  සිදුකර ගතහැකි බවත් විභාග මධ්‍යස්තාන මාරු කිරීම සිදු නොකරන බවත් විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ජේ.ඉඳුරුවගේ

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...