උ‍පෙළ කඩයිම් ලකුණු නිකුත් වෙයි

2025 අප්‍රේල් මස 19 පෙ.ව. 10:55 - {{hitsCtrl.values.hits}}  

පසුගිය වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීමේ අවම ඉසඩ් ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව මගින් නිකුත් කර තිබේ.

උසස් පෙළ විභාගය නව හා පැරණි වශයෙන් නිර්දේශ දෙකක් යටතේ පැවති අතර ඒ නිසා අවම ඉසඩ් ලකුණු ද විෂය නිර්දේශ දෙක සඳහා වෙන වෙනම නිකුත් කෙරෙන බව එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග සඳහන් කළේ.

පෙර වසරට සාපේක්ෂව නව අධ්‍යයන වර්ෂය (2019-2020) සඳහා සිසුන් දසදහස් පන්සියයක් පමණ වැඩිපුර ඇතුළත් කර ගැනීමට නියමිත අතර ඒ අනුව ඇතුළත් කිරීමට නියමිත සිසුන් සංඛ්‍යාව 41,500ක් පමණ වෙයි.

පෙර වසරේ දී ඇතුළත් කරන ලද්දේ සිසුන් 30,000ක් පමණයි.

ඉසඩ් ලකුණු www.ugc.ac.lk යන වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...