කතරගමින් ඉදිකළ අපේක්ෂා රෝහලේ ළමා වාට්ටු සංකිර්ණය විවෘත කරයි

2025 ජනවාරි මස 02 ප.ව. 07:05 - {{hitsCtrl.values.hits}}  

ඓතිහාසික  රුහුණු  මහා කතරගම දේවාලය  මගින් ඉදිකල මහරගම අපේක්ෂා රෝහලේ නව ළමා වට්ටු සංකීර්ණය ඊයේ (03) වැනි  දින  පෙරවරු විවෘත  කරන ලදිි.

රැහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ  ඩිෂාන්  ගුණසේකර  මහතා ගේ සංකල්පයක් මත බැතිමතුන්ගේ පඩුරැ ආධාර  හා විවිධ පරිත්‍යාගභවතුන් ලබා දුන් ආධාර මත මිලියන 156 ක වියදමින් මෙම වට්ටු සංකීර්ණය ඉදිකර තිබේ.

ළමුන් 75 දෙනකුට ප්‍රතිකාර ලබා ගත හැකි අතර දරුවන් සදහා ක්‍රියා කාරකම් කිරිමට හැකි ස්ථාන ද සහිතවේ.

මෙම වට්ටු සංකීර්ණය වවෘත කිරිම රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන් අතින්  සිදුවිය.

පැය භාගයකට සීමා වු මෙම විවෘත කිරිමේ උත්සවය සදහා කිසිදු දේශපාලන මහතකු එක් නෙකර තිබිම විශේෂයකි .

අපේක්ෂ  රෝහලේ දැරියක් පමණක් සභාව ඇමතු අතර වෙනත් කිසිදු කතාවක් සිදු නෙවි චාම් වු උත්සවයක්  සිදුවිය .

මෙම වට්ටු  සංකීර්ණය ශ්‍රී  ලංකා ගුවන් හමුදාවේ  ශ්‍රාමදායකත්වයෙන් ඉදි කර තිබේ .

කතරගම සන්දිම දේවප්‍රිය

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...