2024 දෙසැම්බර් මස 22 පෙ.ව. 08:54 - {{hitsCtrl.values.hits}}
දකුණු කොරියාවේ සහ මැලේසියාවේ පැවති කායවර්ධන සහ ශාරීරික ක්‍රීඩා තරගාවලි දෙකකට සහභාගී වී ඒවායින් රිදී පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගත් තෙනුර ලක්සෙන් ක්‍රීඩකයා 11/29 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
දකුණු කොරියාවේ පැවති 14 වන ලෝක කායවර්ධන සහ ශාරීරික ක්‍රීඩා තරගාවලියේ දී කනිෂ්ඨ කිලෝ ග්‍රෑම් 75 ට වැඩි බර පංතිය යටතේ තරග කළ තෙනුර එහිදී දෙවන ස්ථානයට පත් වෙමින් රිදී පදක්කම දිනා ගැනීමට සමත් වී තිබුණි . මෙම තරගාවලිය ඉකුත් 11/06 දින සිට 11/12 දක්වා සියෝල් නුවර පවත්වා තිබුණි.
එමෙන්ම මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර 11/26 සහ 11/27 දින වල පැවති කායවර්ධන ජාත්‍යන්තර ෆෙඩරේෂනයේ තරගාවලියේ දී තෙනුර ලක්සෙන් ක්‍රීඩකයා කායවර්ධන කනිෂ්ඨ විවෘත අංශයෙන් , ස්පෝර්ට්ස් කනිෂ්ඨ විවෘත අංශයෙන් රිදී පදක්කම් 02 ක් සහ ක්ලැසික් කනිෂ්ඨ විවෘත අංශයෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වී සිටියේය .
විසි හැවිරිදි තෙනුර ලක්සෙන් ක්‍රීඩකයා මෙම ජයග්‍රහණ රැගෙන 11/29 දින උදෑසන 09.30 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 219 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි අතර ඔහු පිළිගැනීමට සිය මව ඇතුළු පිරිසක් ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |