2025 ජනවාරි මස 16 පෙ.ව. 11:12 - {{hitsCtrl.values.hits}}
වයඹ ජනතාව වෙනුවෙන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙහි තවත් ශාඛාවක් ස්ථාපිත කරන ලෙස ජනාධිපති විසින් ඉල්ලීමක් කර ඇති බව ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සූරියවැව පිහිටි දක්ශිණ මණ්ඩපයේ නව පරිගණක පීඨය විවෘත කිරීමේ උත්සවයට අද (5) සහභාගි වෙමින් ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න ප්‍රකාශ කළේය.
විශ්වවිද්‍යාලයක්, තම දැනුම ව්‍යාප්ත කිරීමේ හැකියාවෙන් ඔබ්බට ගොස් සිසුන්ට අදාළ කුසලතා, නිවැරදි ආකල්ප වර්ධනය කර ගැනීමට අවස්ථාවන් නිර්මාණය කිරීම සහ දේශීය හා විදේශීය පරිසරයන් තුළ අනාගතයේදී තම යුතුකම් ඉටු කිරීම සඳහා සුදුසු මනසක් ඇතිකිරීමේ පහසුකම් සැලසීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ආරක්ෂක ලේකම්වරයා පැවැසීය.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සෑම විටම සිය ශිෂ්‍ය ප්‍රජාවගේ සංවර්ධනය පිළිබඳ තීරණ ගෙන ඇත්තේ නිවැරදි ආකල්ප පිළිබඳ මානසිකත්වයන් ඇති කරමින් ඔවුන්ගේ අදාළ න්‍යායික හා ප්‍රායෝගික දැනුම වැඩි දියුණු කිරීම සහ අවශ්‍ය කුසලතා වර්ධනය කර ගැනීම කෙරෙහි අවධානය යොමු කරමින් බව ඔහු අවධාරණය කළේය.
අලුතින් පිහිටුවන ලද පරිගණක පීඨය මගින් මෙම ක්ෂේත්රයේ උසස් අධ්‍යාපනය හැදෑරීමට අපේක්ෂා කරන සිසුන්ට අවස්ථාව සැලසෙන අතර එය උපාධි අපේක්ෂකයින් හට ගුණාත්මක අධ්‍යාපනයක් සහ පුහුණුවක් ලබා දීම සඳහා නවීන පහසුකම් වලින් සමන්විත වේ. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය එහි ආරම්භයේ සිටම වේගයෙන් සංවර්ධනය වී ඇති අතර එය රටේ ඉහළම අධ්‍යාපන ආයතන අතර ප්රමුඛස්ථානයක් ගනී.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල කළමනාකරණ මණ්ඩලයේ සභාපතිද වන ජෙනරල් ගුණරත්න අනාවරණය කළේ, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ලොව කීර්තිමත්ම ආරක්ෂක විද්‍යාපීඨ අතර 4 වැනි ස්ථානයට පත්ව ඇති බවයි. 2022 වර්ෂයේ ටයිම්ස් උසස් අධ්‍යාපන ශ්‍රේණිගත කිරීමට (Times Higher Education Impact Ranking), අනුව අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ 2 වන ස්ථානයට සහ සමස්ත ශ්‍රේණිගත කිරීම්වල 4 වන ස්ථානයට මෙන්ම ගෝලීය වශයෙන් 801-1000 පරාසයේ ඇති බවයි.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |