කොරියානු රජයෙන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට ආධාර රැසක්

2025 අප්‍රේල් මස 07 ප.ව. 06:30 - {{hitsCtrl.values.hits}}  

කොරියානු තානාපති සන්තූෂ් වූන්ජින් ජියොන්ග් (Santush Woonjin Jeong) මහතා සහ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් අද දින ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යංශයේ දී සිදු විය.

එහිදී ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ‍ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් ආධාර ලබාදීමට එකඟතාව පළ විය. ඒ අනුව පුනර්ජනනීය බලශක්තිය, ගණිත සහ භාෂා සංවර්ධනය, තාක්ෂණික සංවර්ධනය සහ මානව සම්පත් යන අංශයන්හි සංවර්ධනය උදෙසා ශ්‍රී ලංකා රජයට ආධාර ලබාදීමට එකඟත්වය පළ කළේ ය.

කොරියානු ආධාර යටතේ, කිලිනොච්චි දිස්ත්‍රික්කය සඳහා “ප්‍රාථමික සහ ද්විතීය අධ්‍යාපනය සඳහා වඩාත් හොඳ භෞතික පරිසරයක් ගොඩනඟා දීම” මැයෙන් වන ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක අතර ඒ යටතේ ගුරු පුහුණුව සහ විෂය පරිබාහිර ක්‍රියාකාරකම් සඳහා ආදර්ශ විද්‍යාල 04ක් ක්‍රියාවට නැංවීම,‍ පන්තිකාමර අලුත්වැඩියාව සහ ඉදිකිරීම් , පාසල්වල විශේෂ අධ්‍යාපනික ඒකක සඳහා අවශ්‍ය උපකරණ ලබා දීම, ශ්‍රව්‍ය දෘෂ්‍ය උපකරණ පාසල්වලට සහ ගුරුවරුන්ට සැපයීම, ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ ශක්‍යතා සංවර්ධනය සඳහා වැඩසටහන් ක්‍රියාවට නැංවීම, සහ සමාජ ඒකාබද්ධතාවය වර්ධනය කරීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම ආදී ක්‍රියාකාරකම් ගණනාවක් එම ව්‍යාපෘතිය මඟින් සිදු කිරීමට අපේක්ෂිත ය.

එමෙන් ම මෙරට තාක්ෂණික අධ්‍යාපනය සඳහා නව ජාතික අධ්‍යාපන විද්‍යාලයක් අලුතින් පිහිටුවීම පිළිබඳව ද අවධානය යොමුව ඇත.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...