කොවිඩ් 19 චීනයෙන් ආරම්භවූ බවට වන වාර්තා ප්‍රංශ අධ්‍යනයක් බැහැර කරයි

2024 නොවැම්බර් මස 22 පෙ.ව. 01:38 - {{hitsCtrl.values.hits}}  

මොස්කව්, ඔක්තෝබර් 13 (ෂින්හුවා)- කොවිඩ් -19 වෛරසය ඇති කරන සාර්ස්-කෝවිඩ් -2 වෛරසයේ මූලාරම්භය ලෙස නිරිතදිග චීනයේ යුනාන් පළාතේ මොජියැං ප්‍රාන්තයේ පිහිටි ගුහාවක් බවට වූ වාර්තා නව ප්‍රංශ අධ්‍යයනයකින් බැහැර කර තිබේ.

සැප්තැම්බර් අග දී පාරිසරික පර්යේෂණ සඟරාවේ මාර්ගගතව ප්‍රකාශයට පත් කරන ලද මෙම අධ්‍යයනයෙන්, 2012 දී ප්‍රාන්තයේ වැඩ කළ පතල්කරුවන් කිහිප දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබූ බවට වන උපකල්පනද ප්‍රතික්ෂේප කර තිබේ.

ස්පුටිනික් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ පතල් කම්කරුවන්ට COVID-19 රෝගීන්ට වඩා බෙහෙවින් වෙනස් රෝග ලක්‍ෂණ පෙන්නුම් කර ඇති බවයි.

"මාස 18 ක් තුළ මිලියන 5 කට වඩා මිය ගිය සහ මිලියන 200 කට වඩා ආසාදනය කළ වෛරසයක් 2012 සිට 2019 දක්වා වසර 7 ක් තුළ කිසිදු රෝගයක් නොකළේ ඇයිද යන්නත් යමෙකු කල්පනා කළ යුතුයි" යනුවෙන් අධ්‍යයනයෙන් කියවේ.

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...