2024 දෙසැම්බර් මස 26 ප.ව. 04:04 - {{hitsCtrl.values.hits}}
කොළඹ නගරය තෙත් බිම් නගරයක් ලෙස පසුගියදා ඩුබායි හි පැවති රැම්සා පාර්ශවකරුවන්ගේ සම්මුතියෙහි 13 වැනි සැසිවාරයේ දී ප‍්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
කොළඹ අවට පවත්නා තෙත් බිම් මඟින් සිදුවන පාරිසරික සේවයේ ඇති වැදගත්කම සැළකිල්ලට ගෙන මෙසේ කොළඹ නගරය තෙත්බිම් නගරයක් ලෙස ප‍්‍රකාශයට පත්කරනු ලැබ ඇති බව එම සැසියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (මෙහෙයුම්) මංජුල අමරරත්න මහතා උපුටා දක්වමින් ලංකාදීපය වාර්තා කරයි. රැම්සා සම්මුතිය පළමු වතාවට මෙසේ තෙත්බිම් නගර සංකල්පය ප‍්‍රකාශයට පත් කොට ඇති අතර ඒ වෙනුවෙන් ලෝකයේ රටවල් 6 ක නගර 18 ක් තෙත්බිම් නගර ලෙස ප‍්‍රකාශයට පත් කර ඇත.
චීනයේ නගර 6ක් ද, ප‍්‍රංශයේ නගර 4ක් ද, කොරියාවේ නගර 4ක්, හංගේරියාවේ නගරයක්, ටියුනීසියාවේ නගරයක්, මැඩගස්කරයේ නගරයක්, හා කොළඹ නගරය මෙසේ නාගරික තෙත් බිම් ලෙස ප‍්‍රකාශයට පත්කරනු ලැබ ඇත. කොළඹ මහ නගර සභා ප‍්‍රදේශයේ, කොළොන්නාව නගර සභා ප‍්‍රදේශයේ හා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභා ප‍්‍රදේශයේ ඇති තෙත් බිම් සැළකිල්ලට ගෙන මෙසේ තෙත් බිම් නගරයක් බවට ප‍්‍රකාශයට පත් කරනු ලැබ ඇති බව ද අමරරත්න මහතා කීය.
කොළඹ නගරයේ ඉදිරි සංවර්ධන ක‍්‍රියාකාරකම් සිදු කිරීමේ දී නාගරික තෙත් බිම් නගරයක් බව සැළකිල්ලට ගනිමින් පරිසරයට අහිතකර බලපෑම් සිදු නොවන පරිදි සැලසුම් සකස් කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුව ඇතැයි ද හෙතෙම කියා සිටියේය. ඉදිරියේ දී පරිසර හිතකාමී කි‍්‍රයාකාරකම් තුළින් කොළඹ සුවිශේෂී සංචාරක පුරවරයක් බවට පත්කළ හැකි බව ද අමරරත්න මහතා තව දුරටත් සඳහන් කළේය.
සබැඳි පුවත්
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |