ගව ඝාතනය තහනම් කිරීම කඩිනම් කරයි

2025 ජනවාරි මස 17 පෙ.ව. 03:43 - {{hitsCtrl.values.hits}}  

ගව ඝාතනය තහනම් කිරීම කඩිනම් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. දේශීය කෘෂිකර්මාන්ත හා දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ගව ඝතනය තහනම් කිරීමට හා ඊට අදාළ නිති හා රෙගුලාස මෙන්ම ගව ඝාතනය අදාළව පළාත් පාලන ආයතන විසින් සම්මත කරන ලද අනු නීති සංශෝධනය කිරීමට පසුගිය වසරේ සැප්තැම්බර් 28 පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි අනුමැතිය ලබා දී තිබේ.

මේ අනුව

272 අධිකාරිය වන 1893 අංක 9 දරණ ගෝ ඝාතක ආඥාපනත

1958 අංක 29 දරන සත්ත්ව පනත

252 අධිකාරිය වන මහනග ආඥා පනත

255 අධිකාරිය වන නගර සභා ආඥා පනත

1987 අංක 15 දරණ ප්‍රා දේශීය සභා පනත යන පනත් නීති කෙටුම්පත් සම්පාදක විසින් පනත් කෙටුම්පත් කර තිබේ.  එකි පනත් කෙටුම්පත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානයන්ට අනනුකූල නොවන බව නිතිපති විසින් සහතික කර ඇති අතර ඒවා ගැසට් පත්‍ර යේ පළ කිරිමටත් පසුව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරිමටත් අග්‍රාමාත්‍යවරයා, රාජ්‍ය සේ්වා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා හා කෘෂිකර්ම අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ කැබිනට් පත්‍රකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...