2025 ජනවාරි මස 16 පෙ.ව. 10:00 - {{hitsCtrl.values.hits}}
කිසිම හේතුවක් නිසා අධ්‍යාපන අමාත්‍යාංශය දැනට ගුරුවරුන්ට, දරුවන්ට නියමිත ඒ පාසල්වල අදින ඇඳුම්වල කිසිදු වෙනසක් සිදු නොකරන බවත් වෙනත් රටවල සහ බටහිර සංකල්ප මත අපේ සංස්කෘතිය වෙනස් නොකළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
පාසල් පද්ධතිය රඳා පවතින්නේ ලක්ෂ 42ක් වූ දරුවන්ගේ විනය මත බවත්, පාසලේ දී දරුවා අනුගමනය කරන්නේ විදුහල්පති සහ ගුරුවරයා බවද අමාත්‍යවරයා පැවැසීය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ විවේකානන්ද විද්‍යාලයේ පැවති නවෝත්පාදන ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
"විශේෂයෙන් ම මහා සංඝරත්නය, හින්දු, මුස්ලිම් පූජකවරු, වැඩිහිටියන්, විද්වතුන්, ආදි ශිෂ්‍ය සංගම් සහ සංවර්ධන සමිති පුවත්පතක පළ වූ කථාවක් දැකලා මගෙන් ඉල්ලිම් කරනවා අපේ මේ සංස්කෘතික අනන්‍යතාවය විතරක් වෙනස් කරන්න එපා කියලා. මම විශ්වාස කරනවා අපේ ගුරුවරු 99%ක් ම මේ ඇඳුම වෙනස් කිරිමට එකඟ නැ කියන එක.
අපි පුරුදු ඇඳුම අපි අඳිමු. අපේ සංස්කෘතිය අපි තියා ගමු. අපේ දරුවෝ විනයානූකූලව පාසල තුළ හදමු. වෙන අයට ඕන කරන න්‍යාය පත්රයකට අනුව අපි වැඩ කළ යුතු වන්නේ නෑ, ඇතැම් පිරිස් සංස්කෘතිය වෙනස් කිරීමට උත්සාහ දැරුවත් අධ්‍යාපන අමාත්‍යාංශය ගුරුවරුන්ගේ ඇඳුම්වල කිසිදු වෙනසක් සිදු කරන්නේ නෑ"
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |