2024 නොවැම්බර් මස 21 ප.ව. 11:07 - {{hitsCtrl.values.hits}}
ජනවාරි 8 සිට චීනයට පැමිණෙන සංචාරකයින්ට තවදුරටත් නිරෝධායනය කිරීමට අවශ්‍ය නොවන බව චීනය ඊයේ ප්‍රකාශ කළේය.
චීනය මේ මාසයේ සිට කොවිඩ් සීමා ලිහිල් කිරීමට කටයුතු කළ අතර මේ අනුව සිය ශුන්‍ය කෝවිඩ් ප්‍රතිපත්තිය යටතේ වසර තුනකට ආසන්න කාලයක් පනවා තිබූ වඩාත්ම සීමාකාරී පියවරයන්ගෙන් වැඩි ප්‍රමාණයක් වෙනස් කිරිමට චීනය කටයුතු කළේය.
2020 මාර්තු මාසයේ සිට, ප්‍රධාන භූමියට පැමිණෙන සංචාරකයින්ට සාමාන්‍යයෙන් නම් කරන ලද හෝටලයක සහ දින 14ක කාලයක් නිරෝධායනය විය යුතු බවට නීතියක් පැනවීය.
මෙම ලිහිල් කිරීම්වලට සමගාමීව ජනවාරි 8 වනදා සිට කොවිඩ් රෝගීන්ගේ සමීප සම්බන්ධතා නිරීක්ෂණය කිරීම නැවැත්වීමටත්, කොවිඩ් අවදානම් ප්‍රදේශ නම් කිරීම නැවැත්වීමටත්, භාණ්ඩ ආනයනය මන්දගාමී කළ කොවිඩ් පියවර අවලංගු කිරීමටත් චීන සෞඛ්‍ය කොමිෂම කටයුතු කර තිබේ.
කොමිසම පැවසුවේ චීනයට යන සංචාරකයින්ට අවශ්‍ය වන්නේ පසුගිය පැය 48 තුළ ඍණාත්මක කොවිඩ් පරීක්ෂණයකි. එසේම ගුවන් යානයේ සිටියදී මගීන්ට මුහුණු ආවරණයක් පැළඳිය යුතු බව නිවේදනයේ දැක්වේ.
මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more... |
diary Read more... |