චීනයේ සිට බ්‍රිතාන්‍යයට එන අයට සෘණාත්මක කොවිඩ් පරීක්ෂණ නියමය අවසන්

2024 ඔක්තෝබර් මස 18 ප.ව. 01:34 - {{hitsCtrl.values.hits}}  

චීන ප්‍රධාන භූමියේ සිට එක්සත් රාජධානියට පැමිණෙන අයට අප්‍රේල් 5 සිට පිටත්වීමට පෙරාතුව ලබාගත යුතු සෘණාත්මක කොවිඩ් පරීක්ෂණ ප්‍රතිඵලයක් ලබාගත යුතු බවට වන නියමය අවසන් කිරීමට බ්‍රිතාන්‍ය රජය කටයුතු කර තිබේ.

ඒ අනුව එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය චීනයේ සිට ලන්ඩනයේ හීත්‍රෝ ගුවන්තොටුපළට පැමිණෙන සංචාරකයින්ගේ පැමිණීමේ පරීක්ෂණ වැඩසටහන ද අවසන් කරන බව රජය පවසයි.

බ්‍රිතාන්‍ය රජය පැවසුවේ මේ දක්වා මෙම වැඩසටහනේ කොටසක් ලෙස 3,374 ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර එය සාමාන්‍යයෙන් එක් ගුවන් යානයකට පුද්ගලයින් 99 ක් බවයි. සමස්තයක් වශයෙන්, ධනාත්මක අවස්ථා 14 ක් හඳුනාගෙන ඇති අතර, ඒ කිසිවක් සැලකිලිමත් විය යුතු ප්‍රභේද නොවේ.

නවතම ජාත්‍යන්තර දත්ත වලට අනුව චීනයේ නිරීක්ෂණය කරන ලද COVID-19 ප්‍රභේද දැනටමත් එක්සත් රාජධානියේ සංසරණය වන ප්‍රභේදවලට සමාන වේ.

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...