ජනපති යුද හමුදා මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක

2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 04:01 - {{hitsCtrl.values.hits}}  

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (03) පෙරවරුවේ අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

යුද හමුදා මූලස්ථාන පරිශ්‍රය වෙත පැමිණි ජනාධිපතිතුමා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් පිළිගනු ලැබූ අතර ජනාධිපතිතුමා වෙත විශේෂ හමුදා උත්තමාචාර ද පිළිගැන්විණ.

මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ මහතා ගුවන් සංග්‍රාමික බල සේනාවේ ඉදිරි සැලසුම් පැහැදිලි කරනු ලැබීය. එම තොරතුරු ඇතුළත් ග්‍රන්ථය සහ ජනාධිපතිතුමාගේ චාරිකාව සනිටුහන් කරමින් සමරු තිලිණ ප්‍රදානය හමුදාපතිතුමා විසින් සිදු කෙරිණ.

ගුවන් සංග්‍රාමික බල සේනාවේ විද්‍යුත් ග්‍රන්ථය අන්තර්ජාලයට එක් කළ ජනාධිපතිතුමා යුද හමුදා මූලස්ථානයේ “ක්‍රියාන්විත මෙහෙයුම් මැදිරිය” ද විවෘත කරනු ලැබීය.

කෞතුකාගාරය ඇතුළු යුද හමුදා පරිශ්‍රයේ ස්ථාන රැසක් ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක්විය.

ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික ප්‍රධානීන් සමූහ ඡායාරූපයකට පෙනී සිටීමෙන් පසු ජනාධිපතිතුමා විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම්  ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න යන මහත්වරු සහ යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...