ජාතික පාසල් 46 කට විදුහල්පතිවරුන් සොයයි

2024 දෙසැම්බර් මස 22 ප.ව. 05:31 - {{hitsCtrl.values.hits}}  

දිවයින පුරා ජාතික පාසල් 46 ක 2025 මාර්තු 31 දිනට පවතින විදුහල්පති තනතුරු  පුරප්පාඩු  පිරවීම සඳහා  සුදුසු නිලධාරීන් තෝරා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය  අයදුම් පත් කැඳවයි.

මේ සඳහා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ  පළමු ශ්‍රේණියේ නිලධාරීන්ට පමණක්   ඉල්ලුම් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

කොළඹ - රාජකීය ,දේවි බාලිකා ,වේල්ස් කුමර,ශාන්ත පාව්ලු බාලිකා ,ඉසිපතන,පිළියන්දල ,ලුම්බිණි   සහ හින්දු , ගම්පහ - නිව්ස්ටඩ් බාළිකා සහ    බණ්ඩාරනායක ,මහනුවර - නුගවෙල සහ  ගම්පොළ සහිරා, ගාල්ල - සංඝමිත්තා බාළිකා  ,ධර්මාශෝක , දේවානන්ද ,ශාන්ත ඇලෝසියස් ,බටේමුල්ල   සහ     ඇල්පිටිය ආනන්ද , මාතර - මහින්ද රාජපක්ෂ ,තෙලිජ්ජවිල , ශාන්ත තෝමස් පිරිමි,හම්බන්තොට - වීරකැටිය රාජපක්ෂ ,වලස්මුල්ල, හුංගම විජයබා ,දෙබරවැව,ථෙරපුත්ත ,සූරියවැව සහ තංගල්ල බාළිකා ,අම්පාර-කාමේල් පාතිමා ,යාපනය- වෙම්බඩි උසස් බාළිකා ,කමු/මුහමඩ් බාළිකා,කුරුණෑගල -මහසෙන් සහ ශ්‍රී සුමංගල, හලාවත -ආනන්ද,ධම්මිස්සර සහ ජෝශප් වාස් ,අනුරාධපුර -අනුරාධපුර ,තඹුත්තේගම සහ කැකිරාව,මොනරාගල - බුත්තල දුටුගැමුණු ,කෑගල්ල -රුවන්වැල්ල රාජසිංහ ,ස්වර්ණ ජයන්ති ,රත්නපුර -සීවලී, ආනන්ද මෛත්‍රී ,ඇඹිලිපිටිය ජනාධිපති සහ ගොඩකවෙල රාහුල   යන 
  ජාතික  පාසල්වල මෙම විදුහල්පති පුරප්පාඩු පවතී.

ඉල්ලුම්පත් බාරගන්නා අවසාන දිනය මෙම දෙසැම්බර් 31 දාය .

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...